ආරියරත්න ජයසිංහ මහරගම

2025 මාර්තු කලාපය

අක්කණ්ඩි

වලගොඩැලි නැති මඟක රතු පලස එලලා
රන්කමින් ලියකමින් තුරඟ රිය සදලා
සුදු තුරඟ අරා එන කුමරෙකුම පතලා
අක්කණ්ඩි නුඹෙ කෙසුත් ගෙදරටම පැහිලා

කටු කොහොල් පිරි මඟේ මිරිඟු දිය සොයලා
පයින් ගාටද්දි අප දෙපා කටු ඇණිලා
ගම් පියස නොපෙනෙන්න කවුළුපත් වසලා
නුඹ පැතුවෙ කුමරෙකුයි තුරඟ රිය යනෙනා

මල්සරත් මල් දුන්නෙ මල් හීය නොයොදා
මොණරකොල ගොන්නක්ම හීය තුඩ තැබුවා
හදවතද සිදුරුකර සිකිපිල්ම සොයනා
මෙවන් ලොව බිඟු වෙතිද මලට පෙම් බඳිනා
View Poem