රවිනි රත්නසේකර

2025 මාර්තු කලාපය

කුවන්ණා

සසර සැඩ සිදු පිට නැගුණු ඔබ
රුවල් බිඳුනු නෞකාවකි..
පහන් ටැඹ වී දැල් උනත් මා
ඔබට තොටුපලක් පමනකි..
සමුදුර රළ පෙළ රාව නගන්නේ
පතිති යකිණගෙ විලාසයයි..

බව සයුරේ යන්නට අඳුරේ..
මා පැරදවූ නිරිඳු මරසෙන්..
කපු කටින යන්තරයේ
කැරකැවෙන සකය සේ..
පෙනේ මට භව චක්කරේ..

වරිගයත් දරුවනුත් අහිමිව
හැඬූ ඔබ ගේ ප්‍රේමිය ඉතින්..
රැඡිණියයි තාමත් කුවන්ණා
නොහඬමි නැවතත් ප්‍රේමේ නමින්..
නැවත ඉපදෙමි වරිගය නමින්..
View Poem