තේජා රාජපක්ෂ ෂිආන් චීනය

2025 මාර්තු කලාපය

ගල්කිස්ස වෙරළ මතක පොත

කැසරෝල් අවන්හල කවුළු දොර මැවෙනවා
උඩ මහලේ ඉඳන් මට හාද්දක් එවනවා
ඔබ ආසා චිකන් ග්‍රිල් මතකයට වඩිනවා
නතර වූ දෑස් මං හෙමින් ඇද ගන්නවා

මා එක්ක ගතු කියා දබර වූ දවසක
ඔබේ ඇස් නැලවුණා ලයන්පබ් එක කොනක
මධු විතක පොඟවාලු රස වදන් ඇමතුමක
ඇහෙනවා හඬ තවම කැලිප්සො රිද්මයක

ගල් පරෙක නැවතිලා නැව් ගැනපු ඉසව්වක
වළලු හිනැහෙන අතක මුදු සුවය විඳිනවාද
ලැවීනියා හෝටලයේ පෙම් පිරූ කොනක හිද
මංගල පැකේජයක තොරතුරු අහනවද


මුහුදු නළ අසාත්මිකව මා ගත පෙළූවත්
සිප්පි කටු සොවිත් මා පය ඉරෑවත්
වෙරල ඉම මතක පොත ගිනිලා වැසූවත්
පොකුරු මල් පලස්මත මවනු තව පෙම් පුවත්



ෂිආන්
චීනය
View Poem