සමුගත් ගබ්බෙල පියදාස
පත්තර පුරා නිරතුරු සිටියෙන් වාස
සිත්තර කළේ කවියෙනි යුගයක් දේශ
අත්කර දුන් රසය කවියට හැර දෝෂ
අත් හැර ගොස් දිවිය ගබ්බෙල පියදාස
----
නිමකර දිවි මගෙහි සැම ජය කණුවක්ම
හිමිකර කවියටම දී නව දැක්මක්ම
බිදහැර යදම්හල හැම කවි කුලයක්ම
තිරසර කවියෙකියැ ඔබැ සිටි සැමකල්ම
----
දෙතොළඟ රැදුණු අම මීබිදු කවි ගගුල
දුර ළඟ කොතැන මුත් ගැලුවේ දී සිසිල
අගහිග කම් වෙතත් දිවියෙහි බැසැ පතුල
ඔබළඟ මිනිස් කම් අඩු නැත තිබු අමිල
---
කවි පොත් කිහිපයක් ඇති මුත් ඔහු ලීව
අවියත් වියත් අය ළග ඇත සුරැකීව
සවි යටමුදල් නොලදත් ඉන් සරුසාර
සුවිසල් මැදුරු නැති කවියෙකි ඔහු
සූර
---
රස කලතමින් කවියෙහි අම මිහිර මවා
සුනිමල කව් කිවූ සැනෙකින් උදයෙ හවා
කවි පෙළහරෙහි ගිය පෙර මඟ දැඩිව ගෙවා
ගබ්බෙල පහන්සිළ දැමුවේ කවුද නිවා
---
හිරුටත් හොරෙන් හිරු මඩලෙන් ගියේදෝ
සදුටත් හොරෙන් සඳ මඩලෙන් ගියේදෝ
අපටත් හොරෙන් අප අත් හැර ගියේදෝ
පින්වත් කිවිද ගබ්බෙල දෙවු ලොවේදෝ
=====================
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
(අතකස මාධ්‍ය ලේකම්)
සිත්තර කළේ කවියෙනි යුගයක් දේශ
අත්කර දුන් රසය කවියට හැර දෝෂ
අත් හැර ගොස් දිවිය ගබ්බෙල පියදාස
----
නිමකර දිවි මගෙහි සැම ජය කණුවක්ම
හිමිකර කවියටම දී නව දැක්මක්ම
බිදහැර යදම්හල හැම කවි කුලයක්ම
තිරසර කවියෙකියැ ඔබැ සිටි සැමකල්ම
----
දෙතොළඟ රැදුණු අම මීබිදු කවි ගගුල
දුර ළඟ කොතැන මුත් ගැලුවේ දී සිසිල
අගහිග කම් වෙතත් දිවියෙහි බැසැ පතුල
ඔබළඟ මිනිස් කම් අඩු නැත තිබු අමිල
---
කවි පොත් කිහිපයක් ඇති මුත් ඔහු ලීව
අවියත් වියත් අය ළග ඇත සුරැකීව
සවි යටමුදල් නොලදත් ඉන් සරුසාර
සුවිසල් මැදුරු නැති කවියෙකි ඔහු
සූර
---
රස කලතමින් කවියෙහි අම මිහිර මවා
සුනිමල කව් කිවූ සැනෙකින් උදයෙ හවා
කවි පෙළහරෙහි ගිය පෙර මඟ දැඩිව ගෙවා
ගබ්බෙල පහන්සිළ දැමුවේ කවුද නිවා
---
හිරුටත් හොරෙන් හිරු මඩලෙන් ගියේදෝ
සදුටත් හොරෙන් සඳ මඩලෙන් ගියේදෝ
අපටත් හොරෙන් අප අත් හැර ගියේදෝ
පින්වත් කිවිද ගබ්බෙල දෙවු ලොවේදෝ
=====================
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
(අතකස මාධ්‍ය ලේකම්)