ශර්මිලා බන්දුනි දන්වත්ත

2025 මාර්තු කලාපය

පලමු රැය

එකම පොරවනය යට
ගිනි ගනී
හදවත් දෙතැනක
සීතලම ගිනි කන්දක්ව
ඇවිලේය
අප දෙදෙන අතර මැද

නින්දත් නොනින්දත් අතර
සිතිවිලි ඉගිල ඈතක
අප අපට උරුම නැති තැන්වල
සරනු ඇත අතිනත බැඳ

සිත්තම් වන විට
දම් පාටින් අහස
පිපිද පිළිගතයුතුය හෙට
රැයෙහි උරුමය අපට වුව
අප උරුම හෙට දිනයට

ඉතින් හිමි සඳ
සිනහවක් මුව මත අලවගෙන
අතින් අත පටලගෙන
යායුතුමය......
අපට හිමි ජීවන ගමන

Photo Credit : Womanizer Toys
View Poem