පවිත්‍රි මෙන්ඩිස් මතුගම

2025 මාර්තු කලාපය

නින්ද නේනා රැයක

නින්ද දුර දිගු රැයක
සිසිරයේ පත් හැලුණු
තුරක් ගැන
කවක් ලියනු වස්
සිත වෙහෙස කරවමි.
උගුරට හොරා බෙහෙත් කමි.....

විරාජිනියගේ
සඳ රාජිනි අසමි.
දෙකන් පිටුපසින් එබෙන
නර කෙසක් දෙකක්
කැඩපතින් දකිමි.
හොරාගේ අම්මාගෙන් පේන අසමි...

ගොළු හදවත
ආයෙ ආයේ කියවමි
සුගත් සීතල මිනිහෙකැ'යි
දම්මි වැරදි නැතැයි තෙපලමි.
පනින රිලවුන්ට ඉණිමං තබමි....

පතුලටම කැණ
හදවතේ
ඔබ ගැන මතක
නිදන් කරමි.
ආයේ දිනක
නින්ද නේනා රැයක
ඒ මතක සිහිපත් කරමින්
මම මාව ම පාරා ගනිමි.
අශ්වයා ගිය පසු ඉස්තාලය වසමි....
View Poem