විමුත් ද සිල්වා

2025 මාර්තු කලාපය

-දෙබස -

මහා වනස්පතිය ,
කොහිද ඔබේ තෙද ?,
අතැර ගොස් නොවේද
සියලු පත් ,
ඇසී ඉපල් තුරකින්
සඳ එළිය ,
ඔලොක්කුවට මෙන් .

තව නොබෝ කලකින්
වසත් කල
සරසනු ඇත මා
මලින් ඵලින් .
අදටත් බොහෝ දුබලය නුඹ ,
මගේ අතු පතර ලැග
කටමැත දොඩනු මිස ,
මා විනිවිද යා හැකිද
ඔබට .

ප.ලි - සඳ මුවා වනු දුටිමි ලඟ ඇති කන්දකට

Photo Credit: sangam sharma
View Poem