අග්නි
____
කදුරු ගෙඩියක් වැටී වතුරෙ පාවුණු හැටී
ගහත් නෑ දියත් නෑ පොළොව රත් පැහැය වී
පඳුරු ගස් පිරුණු කඳු ගිනි තියා අඳුරු වී
ගස් කඳන් මොරටුවට යන්න ලොරිවල නගී
වැහි ගේන වළාකුළු ඇබිත්තක් කෝ? අනේ
බඩ පොත්ත හැකිලිලා මිරිඟුවට කටු ඇහේ
වෙන ද ඇති හාදකම් මග හැරී සතුරු වේ
ආයෙ තව ගින්නකට පරිසරය දරුණු වේ
තියුණු ආයුධ වගේ කැපෙන සිතිවිලි නැගේ
පිපුණු කුසුමක අගේ සොයනු බැරි වී තියේ
බැඳුණු ආදර හුයේ ලිහෙන පැත්තට හැරේ
ඔලුව රත් කරන ගිනි ගෙදර මැද සාලයේ
කදුරු ගෙඩියක් වැටී වතුරෙ පාවුණු හැටී
ගහත් නෑ දියත් නෑ පොළොව රත් පැහැය වී
පඳුරු ගස් පිරුණු කඳු ගිනි තියා අඳුරු වී
ගස් කඳන් මොරටුවට යන්න ලොරිවල නගී
වැහි ගේන වළාකුළු ඇබිත්තක් කෝ? අනේ
බඩ පොත්ත හැකිලිලා මිරිඟුවට කටු ඇහේ
වෙන ද ඇති හාදකම් මග හැරී සතුරු වේ
ආයෙ තව ගින්නකට පරිසරය දරුණු වේ
තියුණු ආයුධ වගේ කැපෙන සිතිවිලි නැගේ
පිපුණු කුසුමක අගේ සොයනු බැරි වී තියේ
බැඳුණු ආදර හුයේ ලිහෙන පැත්තට හැරේ
ඔලුව රත් කරන ගිනි ගෙදර මැද සාලයේ