X ලක්ෂයේදී හමු වු සරල රේඛා දෙකක්
"... හැල හැප්පීම් නොගැලපීම් මත
දිගු කාලීන පාසැල් ඇසුර නවතා දැමුවෙමු
සරසවි සිසු ප්‍රශ්න අරගල කරට ගෙන
වත්මන දිවිය සංකීර්ණ බවට පත්ව ඇත"
නිකමට මෙන් හිස් සයිබර් අවකාශය තුල
ඔබ මොබ සැරිසරන පාළු සැඳෑ යමක
කාලයකට පසු හුරු පුරුදු කටහඬක් ඇසී
මතක පිටු එක දෙක විවර වන මොහොතේ ...
"දර්ශන පති පර්යේෂණ වල නියැලෙන
සහාය කථිකාචාර්ය වරියකි ඇය අද
අහම්බෙන් හෝ මෙම පිළිසඳර දුටුවොත්
අනිවාර්යයෙන් එක දිගටම නරඹනු ඇති"
... තව ටිකක් ඇදී ගිය කතිකාව අවසන
කෙස් රොදක් දඩබ්බර මුහුන මත වැටේ ...
නුහුරු වරදකාරී හැඟුම් මසිත ජනිත වේ
ඇමතුමක් ගම්ද නොගම්දැයි නොවැටහේ
15.02.2025
දිගු කාලීන පාසැල් ඇසුර නවතා දැමුවෙමු
සරසවි සිසු ප්‍රශ්න අරගල කරට ගෙන
වත්මන දිවිය සංකීර්ණ බවට පත්ව ඇත"
නිකමට මෙන් හිස් සයිබර් අවකාශය තුල
ඔබ මොබ සැරිසරන පාළු සැඳෑ යමක
කාලයකට පසු හුරු පුරුදු කටහඬක් ඇසී
මතක පිටු එක දෙක විවර වන මොහොතේ ...
"දර්ශන පති පර්යේෂණ වල නියැලෙන
සහාය කථිකාචාර්ය වරියකි ඇය අද
අහම්බෙන් හෝ මෙම පිළිසඳර දුටුවොත්
අනිවාර්යයෙන් එක දිගටම නරඹනු ඇති"
... තව ටිකක් ඇදී ගිය කතිකාව අවසන
කෙස් රොදක් දඩබ්බර මුහුන මත වැටේ ...
නුහුරු වරදකාරී හැඟුම් මසිත ජනිත වේ
ඇමතුමක් ගම්ද නොගම්දැයි නොවැටහේ
15.02.2025