සුනිල් මෙන්ඩිස් මීගමුව

2025 මාර්තු කලාපය

මොහොතක් නවතින්න

යන්නට හිතයි

මට

ඉගිලිලා ඈතකට

තනි වන්නට

මොහොතක්

නිදහසේ ඉන්නට ....

කොහොම

යන්නද මම

බාදාගත් ආදරය

තනිකර

ගියොත් ඇය

මැරේවි

පපු කඳ පැලිලාම ....

කියන්න මට

කොඳුරා

රහසින් මගෙ

දෙසවනට

හැකිද ඉන්නට

මොහොතක්

මම නැතුව ....

දෙදෙනා බැදුනේ

ඇයි මෙලෙස

නොහැකිව වෙන්වන්නට

කියන්න මට

දැන් ඉතින්

මොනවා කරන්නද ....

දෙනවාද අවසර

ම⁣ට යන්නට.....

මොහොතක්

අපේ ලොව ගැන

සිතන්නට .....
View Poem