අපෙ අම්මා
නීලව්නා වගෙම
අපෙ අම්මත් වීරවරියක්
අනෝරා කම්කටොලු
වට කරන් බැට කාපු
දරු දුකම හිස තියන්
හැම තැනම සැරිසරපු
බඩ වියත රැක දෙන්න
මහා විප්ලව කරපු
අපෙ අම්මත් වීරවරියක්
ගොවි පොළක වැඩ කරපු.
රහසින්වත් පව් නොකළ
දම්පාට කම්මුලේ
ඇඟිලි මල් මල් පිපුණ
රෑ පුරා පන් පැදුර
කඳුළු වතුරෙන් තෙමපු
උදෑසන ළදරු හිරු වඩාගෙන
ගෙන් ගියපු
කළු සළුව පොරවගෙන
යළිත් ගෙපැලට ආපු
අපෙ අම්මත් වීරවරියක්
නීලව්නාට නොදෙවනි වු.
දෙපා කර ගැට මලින්
පිපී ගෙවීලා ගියපු
දෙවොල් වල හිස තියා
පුතුගෙ පණනල යැදපු
සුන් හිසින් ලැබුණු පුතු
උකුළ මත නිදි කරපු
කිරි වලට රුහිරු ගෙන
ගනුදෙනුව නිම කරපු
අපෙ අම්මත් වීරවරියක්
නීලව්නාව පරදවපු
2025.01.16
අපෙ අම්මත් වීරවරියක්
අනෝරා කම්කටොලු
වට කරන් බැට කාපු
දරු දුකම හිස තියන්
හැම තැනම සැරිසරපු
බඩ වියත රැක දෙන්න
මහා විප්ලව කරපු
අපෙ අම්මත් වීරවරියක්
ගොවි පොළක වැඩ කරපු.
රහසින්වත් පව් නොකළ
දම්පාට කම්මුලේ
ඇඟිලි මල් මල් පිපුණ
රෑ පුරා පන් පැදුර
කඳුළු වතුරෙන් තෙමපු
උදෑසන ළදරු හිරු වඩාගෙන
ගෙන් ගියපු
කළු සළුව පොරවගෙන
යළිත් ගෙපැලට ආපු
අපෙ අම්මත් වීරවරියක්
නීලව්නාට නොදෙවනි වු.
දෙපා කර ගැට මලින්
පිපී ගෙවීලා ගියපු
දෙවොල් වල හිස තියා
පුතුගෙ පණනල යැදපු
සුන් හිසින් ලැබුණු පුතු
උකුළ මත නිදි කරපු
කිරි වලට රුහිරු ගෙන
ගනුදෙනුව නිම කරපු
අපෙ අම්මත් වීරවරියක්
නීලව්නාව පරදවපු
2025.01.16