ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2025 මාර්තු කලාපය

සෙල් කවි

කුරවීක හෑල්ල

හිම පියසක වැසි වැටෙනා ළයෙහී
වන මැද නිරකුරුව ම වෙසෙමී
තිම පිනි එළලා මිහි පස පෙඟිලා
තුරු වැල් පීදුණු වන සරමී
විම - නෙක සිරියයි හිමවත සෑදෙන
මෙ ළයේ නිදහස නිති විඳිමී
‍නිම නොවනා රස පලවැල බුදිමින්
හ`ඩ ගා සතුට ද සැමට දෙමී

අඹතුරු අතරින්-පතර ඉදී ඇති
අඹ මී අහරක් ලෙස ගනිමී
අඹතලයේ හිරු දෙනෙත් අරින විට
මම ද තටු ගසා අවදි වෙමී
රඹ කැණ් ලෙස දිදුලන මී පිරි අඹ
පලවල නෙක රස මම සොයමී
බඹ-මහ මැව්වාදැයි මම නොදනිමි
රස පිරි මී අඹ බැව් දනිමී
කුස පිරි සතුටින නාද කරමි මම
තැන-තැන වන සතුනට ගයමී
ඇස-මුව-දෙසවන් අයා අසති
සියොතුන්-මුව-ගව-සූකර-නරි-මී
රැස උන්මත්තක වූවන් සේ මගෙ
මිහිරි නදට වෙසෙසින් මත් වී
වෙස රජයයි නිසසල ව සිටිනවුන්
අසන විට දි හද තැන්පත් වී

ඉමිහිරි නද මිස කෙඳිරිලි හ`ඩ නැති
පැහැදිලි නාද රටා ගත්තේ
සුමිහිරි නද පිරිසුදු ව ම දෙසවන්
වෙතට හඹාවිත් මන ගත්තේ
වෙණ සරි තත් බිඳ සරෙන්-සරට වන්
ගී සිරියෙන් උන් හද ගත්තේ
සුසර-විසිර නොවි අවිසරි ගුණයෙන්
නිනද ව ගම්බිර බව ගත්තේ


මගෙ නද පිළිබඳ ඇසුවෝ පෙර කල
සිටියෝ දම් සෝ රජු සෙවනේ
“වගෙ කවුරුන් හෝ ඇති ද ස්වාමිනි”
ඇසුවේ රජුගෙන්, දේවිය නේ
ඇගෙ පැනයට පිළිතුර ලෙස කිව්වේ
“භගවත් සම්බුදුගේ” නම නේ
“අගෙකොට මගෙ හඬ දෙවැනි ම වන්නේ
බුදුන්ගෙ හඬට ම විතරයි නේ”

අම මී රසින් තෙපුලා මත් කළ දෙසවන්
ඉම ගායනා අසනට දිව ආ ගෝනුන්
රම මද කිකිණි නොසලා ඇසුවයි සියොතුන්
කිම රළ මීන නොපිහිනා සිටියේ සතුටින්

පැනැ-පැනැ අතුපතර මුමුණන මහද රටා
සැනැහෙනැ සඳ තුරුවැල් සෙලවෙමින් නටා
තැනැ-තැනැ ගුමු නදින් මුමුණා ගොමුව වටා
දැනැ-දැනැ සොයයි කියමින් මල් ළ`දුන් මටා

වනයක සිරිය සරසන්නේ වට
වනපති ඈ වන සතුන් පමණි ද
නෙක-නෙක නාද අතර ඇසෙන
දියවැල්-ඇළි බැඳි දිවි පමණි ද
මගෙ හෑල්ල රජයන මුත් වන
සියොත් කැළ කැරුම් පමණි ද
මේ හැමගෙ ම ඝෝරනාඩු දැක
මිහිළිය සැනැසෙන්නෙ ද

ගැයුමට මිහිරි පද අමුණා රස කරමී
මිහිරට රස උපද්දා නිරතුරු ගයමී
කා හට ගති වෙමි ද උස් තැන මම හි`දිමී
නුහුරට වඩා උරුමෙට මම ගරු කරමී!
***
View Poem