ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2025 මාර්තු කලාපය

සමනල සඳෙස -22

දත යුතු කරුණු ගොමුව - 20

ඇත් රජ - සද්ධන්ත

400. හිත්-පිත් නැති මත් ධනය-බලයගෙන
කරන නොහොඹිනාකම් රොද්දේ
නෙත් රවටන්නට “නොහොඹි අසූචිය”
ගෑවුණු ගත් වැසු සුදු රෙද්දේ
සත් ගුණවත්කම ඉහට උඩින්ගෙන
උඩඟුකමින් ගැමි දන මැද්දේ
වත් පෙන්වන්නට සුදු හුණු ගාගෙන
සිටියත් ගඳ මැකුණෙ ද සුද්දේ

401. තවත් කතාවක් මතක ද නුඹටත්
සද්ධන්තයෙකුගෙ නමට අගින්
මුලක් - අගක් නැති කතාවකට උහු
හැදින්නුවේ නම් කිහිපයකින්
තරුණ කාලෙ උගෙ මතක් වෙන්න ඇති
ඌව බලපු අලිරාළට දොන්
නූඹට අමතක ද කීව කතා දන
මග-තොට යනකොට දැක සමයන්


402. ඒ සද්ධන්තය මග ඇවිදිනකොට
කළුගල් පර්වතයක් වාගෙයි
හැරුණත් - බැලුවත් ප්‍රාණ බයට දන
දුවයි හැරුණු අත දෙපා ණයයි
මේ අලියත් නොමනා රතිකම් ඇති
වල් අලියකු සේ සිටිය බවයි
උත්තම විලසින් පාරෙ ගියත් උහු
මිනිසුන් පිළිකෙව් කළ ගානයි


403. වයස පෙණුන මුත් තවමත් තරුණයි
සිතා හිටියෙ දෝ උහු එහෙමයි
එ වන් පිරිස් අප අතරෙත් ඇති නොවැ
උහු ගැන විතරක් නුඹට කිමැයි
කියන්න දන්නෑ උගේ “ගෙම්බර” දැක
අපෙවුන් උහුගෙන් උගෙන ඇතැයි
සිතෙනව එහෙමත් මගේ සිතට
සමනල පවසන් ඒ එසේ වි දැයි


404. අසව් - අසව් නුඹ මේ පර්වතයගෙ
විස්තර හැකි නම් මතක තියා
කරව්- කරව් ඒ ලෙසට ම එනමුදු
කියන විලස රග දැක්මෙ කියා
බලව් - බලව් තව කිසිවකු කිසිවිට
වෙනසක් ඇති ලෙස කිරිය සොයා
නගව් - නගව් පැන නුඹෙ සිතටත් එන
සවිස්තරය කවි කරන නියා

405. අලි කතාවකට හින්ද ම මුල අලි
අලි ඇතුනුත් ගැන කියැවෙනවා
අලි කොටුකර කළ වෙළදාමක් අලි
අලි කළබලයට මුල දෙනවා
අලි ගැන හිත පිරි දුකට උපන් අලි
අලියන් රට විකුණා කනවා
අලියකු හින්ද ම කතාවකුත් අලි
අලි සමනල රස කර දෙනවා




සමනලයා දුටු ගම්මනයා
ගම්මනයා - බෙලිගම්මනයා 26

406. “එනෝ - එනෝ...ඔය ඔන්න එනෝ
බෙලිගම්මනයා...එනෝ... එනෝ
බෙලිගම්මනයා...- බෙලිගම්මනයා
බෙලිගම්මනයා...- ඔන්න එනෝ...

407. උහු නම්බුවකට ගනු බැහැ නැන්දේ
අයියෝ කොයි වේලෙ ද වින කටින්නෙ
දන්නේ නෑ... - දන්නෑ මගෙ දෙයියෝ
දැන් කවුරුත් අයිනකට වෙයල්ලා
බුදු අම්මේ ඔය කෙල්ල ගනිල්ලා
නැතිනම් ඒකිත් පාරෙ ගොහිං විගැහිං
හරි විලම්බීතයක් සිදුවෙයි නුඹ දැනගං

408. දන්නැති ව ද බෙලිගම්මනයගෙ හැටි
තරමෙ විස්තරේ - හරඹ කරන හැටි
පේනවනේ-පේනවනේ දාංගලේ හැටි
ඔන්න බලාපං ඒ කරුමෙත් හැටි

409. මේන් බලාපන් පිප්පිල එන හැටි
මගෙත් මයිල ගස් කෙළින් වෙලා
හිනහත් යනවා මේ වෙන විගඩම
බලා ඉදල මට එපා වෙලා
හිනා වෙලා මගෙ පණත් ගියා බොල
රට දෙවනත් කළ අලිකද දැක්කම
පොඩිවුන්හට දෙයියන්නෙ ම පිහිටයි
කියල හිතෙනවා මටත් බොලං දැං
පපුව පිළිස්සෙනවා වගේ
සද්ධන්ත එකා දැකලා අගේ

410. වහුං වෙයල්ලා කොළයට - පැලයට
කෙළින් බලන්නට බැරිවුන් ඇත්නම්
අම්මප නැන්දේ බලපං අලියගෙ
අලි ඇග විතරක් උසට - උසේ යන
කළුගල් පර්වතයක් යන ගානයි...”

411. මේ අලියා නම් ලකට ම කව්තුක
වස්තුවකුත් වෙනවා එය සත්තය
හරි ගෞරවයක් උහුටත් ඇත්තේ
අනේ අම්මපා... - දෙයියම්පා පල්
දළය වුණා නම් කොහිදැයි ඉන්නේ

412. උගුරත් පාදා - වටපිට බලලා
අබිලිස් ආතා - අලියා දැකලා
පබිලිස් අයියට - මෙහෙම කියාපී...
“කණයා පණ්ඩිතයා වූ සේ මා
කණයා පණ්ඩිතයා වූ සේ මා...

413. මේ අලියත් හරි මහලුයි නොවැ දැන්
හොද ගණනට වයසත් ඇති නොවැ බං
බලන්ට තිබුණේ මුගෙ වැඩ ඉස්සර
හරි නරුමය මගෙ කරුමෙට මූ නම්...

414. බෙලිගම්මනයා නම ගිය අලියා
එතරම් උස - මහතින් ඇග බලයා
වලව්වක ලු සිටියේ සුරතලයා
උගෙ ගෙම්බර සුපතල විය ලකෙයා

415. අයිතිකාරයත් ඒ වගේ ම බල
අලි සුරතල් කර රටවල මිල කළ
අලි කතාවකට ඇති කළ කළබල
“දියව් මටත් විට!” කී ඔහු සුලමුල
(මතු සම්බන්ධයි)

2025.03.01
View Poem