චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව

2025 මාර්තු කලාපය

මැදින් පොහොය

පසක් කොට ගත් සසර ගමනක
මගක් දුටු හිමි දෙසුව දහමක
යමක් සොයමින් යනෙන ගමනක
ලොවක් සනසන මිහිරි දවසක

සැරියුත් මුගලං රහතුන් පොරණේ
අගසවු අසුනක පිදුමෙන් රැඳුණේ
දෑ සව් පිහිටෙන් සඟ රුව රැකුණේ
අරහත් ධජයට පෙරමඟ සැදුණේ

කළ ආරධනය තම පුරයම දිළෙන්න
කාළු දායි සිටු ඇමතිම කරන්න
පිළිගෙන කපිල පුරවරයට වඩින්න
එහිමි පටන් ගත් බව ඇත කියන්න

මැදින් පොහොය දින වැදගත් නිසාවෙන්
දන්සැල් පුදන්නට දරුවන් ක්‍රියාවෙන්
අදිටන් කරන් පසළොස්වක නිසාවෙන්
තෝරා ගතිමි යහපත් චේතනාවෙන්

Photo credit; wilsan u
View Poem