නීතීඥ සුනේත්‍රා යූ ආර් වනිගසේකර වත්තල

2025 මාර්තු කලාපය

අනියත

පිපී ගනඳුරෙහි
සුවඳවත් කල රාත්‍රිය
කඩුපුල් මලේ
ඔබෙ රුව සඳ එලිය මැද
දුටිමි පෙරදා

හිරු මෝදුවන්නට පෙර
අලුයම් අහස පිට
ඔබ මුකුලිතව ගියේ
ලොවේ සනාතන අරුමය
කියා පෑමටද මට
View Poem