සඳ රැය
මනහාර රැයේ සඳ පීදෙනා
දනවනා සුව බෑ වචනෙන් කියා
මන ලෝල හැඟුම් හද නංවමින්
රැලි නගයි සඳ සේළය විල්දියේ
දෙසවන් පිනවයි බිඟු වෘන්දනා
පබසරා ළඟ නෑසෙණ ගායනා
කඩුපුල් සැරසී සුදු සේළයෙන්
වනඟනන් වරළේ හැඩ ගැන්වෙණා
මිහිලොල් විල අද්දර රංගනේ
මනමතින් සැනසෙන්නෙම මී උරා
කුමුදුත් කොඳ රන් රසු දැල් සළා
සඳ දියේ පිහිනා රසවත් වුණා
මඳහාස දිදී මුතු වස්සනා
කුමුදුනී සඳ රෑටම ලස්සනයි
මුදු රේණු නටා කියනා රහස්
සුර ළඳුන් ඇසුවත් වැටහෙන්නෙ නෑ....
දනවනා සුව බෑ වචනෙන් කියා
මන ලෝල හැඟුම් හද නංවමින්
රැලි නගයි සඳ සේළය විල්දියේ
දෙසවන් පිනවයි බිඟු වෘන්දනා
පබසරා ළඟ නෑසෙණ ගායනා
කඩුපුල් සැරසී සුදු සේළයෙන්
වනඟනන් වරළේ හැඩ ගැන්වෙණා
මිහිලොල් විල අද්දර රංගනේ
මනමතින් සැනසෙන්නෙම මී උරා
කුමුදුත් කොඳ රන් රසු දැල් සළා
සඳ දියේ පිහිනා රසවත් වුණා
මඳහාස දිදී මුතු වස්සනා
කුමුදුනී සඳ රෑටම ලස්සනයි
මුදු රේණු නටා කියනා රහස්
සුර ළඳුන් ඇසුවත් වැටහෙන්නෙ නෑ....