දිනත් ගෙවී
කන්ද උඩින් බැස යන්න හදයි හිරු රැන්ඳු සිනා මැකිලානෙ උදේ ඒ....
රංචු ගැසී පියඹාවි සියොත් කැළ නින්ද සොයා ගෙට වෙන්න වගේ උන්....
පිච්ච සමන් මියදෙන්න ලැහැස්තිය දුන්න සුගන්ධය බෝම අගේ මැයි....
සැන්දැකරේ නෙක පාට වළාකුළු යාවි මැකී අඳුරෙන්ම එතීලා....
පින්න වැටී නැහැවීල සුවේ විඳ එන්නෙ පිපී කොඳ මල් සතුටින් මයි....
ලන්ද දෙසින් කණ රැන්ඳු සියොත් හඬ නෑනෙ ඇසෙන්නෙම පාලු වෙලා දැන්....
ගෙව්ව දිනක් ගඟනේහි දසුන් පෙළ ආයෙ අරන් සරසන්න හදන්නේ....
කන්ද කපා හඳ පායනවා නොවැ ලස්සන වී කැලුමන් විහිදාලා....
Photo Credit: Kym MacKinnon