නිමල් අබේසිංහ - කඳාන

2025 පෙබරවාරි කලාපය

අසෙනිය මල

විඳ විඳ සිටියදී ජීවිතයක මිහිරී
වැද වැද සුළන් නැලවෙයි කැකුලක් නාරී
මද මද හැරී මාගේ හදවත පීරී
බඳුවද කුසුම බැඳි පෙම නුබ අත නාරී

හොඳ හැටි බලා රිදවුණ සහ තැලුණ තැන.
පිළිසිඳ දැනගනී කොතනද බිඳුණ තැන
කෙබඳුද කොතරම්ද එහි ඇති පමණ මැන
සැරහුම් කළා මතකයි එදවසද ගැණ

බුහුටිව යනෙන ව්ට ගමනින් ඔබ මොබට
වපුරයි එළිය පුන් සඳ පායන ලෙසට
අත නොගැසුවත් ලෙලෙනා දෙනුවන් යුගට
සුවයක් දැනෙනවා විහිදෙන සිසිලසට

කතා ලතා හදවත ගැඹුරිණි එන්නේ
සිනා සීත ගඟුලේ දියබිඳු වැන්නේ
මනාලියකි අසෙනිය මල් පූදින්නේ
සිනා විඳපු අයමය ඒ ගැන දන්නේ.
View Poem