නිදහස එපා !
හැම් බේකන් වලට බැන බැන හිටි කාලේ
ඉහළට දෙස් දෙමින් අරගල කළ තාලේ
දැන් ඒ කිසිත් මතකේ නැතුවද රාළේ
තහනම් වචනයක් වේවිද සම්බෝලේ
හෙළ දිව ගැමි අහර හා බැඳි සම්බෝලේ
ලොකු පොඩි සැවොම එක ලෙස කෑ සම්බෝලේ
සිතුවත් රස නහර පිනවයි සම්බෝලේ
පොල් මොනවටද නැති - හොද්දට , සම්බෝලේ
වැඩියෙන් සහල් කෑ කුකුළන් සමග හිද
කිකිළියො දාපු බිජු මද සුදු වීලු අද
කැකුළු සහල් හිඟයක් ඇති වුනේ සොඳ
බලු සුරතලුන් හට බත් දුන් නිසා වෙද
තව ඉදිරියට හොඳ හොඳ කියමන් ඒවී
ඒවා අසා සමහරු නම්
සැනසේවී
"අපි නම් කිව්වෙ නෑ" දස අත දිවුරාවී
සියළුම පොරොන්දුත් සුළඟේ යයි පාවී
පුරාජේරු කිව්වත් "නිදහස"
සමරා
නොපෙනෙයි නිදහසක් නම් සිත් සතන් පුරා
කුමටද බැරි බරක් අරගෙන කිරුළු දරා
බොරුවෙන් රටක් යාවිද සුරපුරක් කරා
බත බුලතින් පිරී නිති කිරි
උතුරන්න
පැතුවත් මෙලෙස නම් බැහැ එය සපුරන්න
උඩඟුව බොරුව වපුරන මිනිසුන් ඉන්න
මේ නිදහස එපා ආපසු
අරගන්න
30.01.2025
ඉහළට දෙස් දෙමින් අරගල කළ තාලේ
දැන් ඒ කිසිත් මතකේ නැතුවද රාළේ
තහනම් වචනයක් වේවිද සම්බෝලේ
හෙළ දිව ගැමි අහර හා බැඳි සම්බෝලේ
ලොකු පොඩි සැවොම එක ලෙස කෑ සම්බෝලේ
සිතුවත් රස නහර පිනවයි සම්බෝලේ
පොල් මොනවටද නැති - හොද්දට , සම්බෝලේ
වැඩියෙන් සහල් කෑ කුකුළන් සමග හිද
කිකිළියො දාපු බිජු මද සුදු වීලු අද
කැකුළු සහල් හිඟයක් ඇති වුනේ සොඳ
බලු සුරතලුන් හට බත් දුන් නිසා වෙද
තව ඉදිරියට හොඳ හොඳ කියමන් ඒවී
ඒවා අසා සමහරු නම්
සැනසේවී
"අපි නම් කිව්වෙ නෑ" දස අත දිවුරාවී
සියළුම පොරොන්දුත් සුළඟේ යයි පාවී
පුරාජේරු කිව්වත් "නිදහස"
සමරා
නොපෙනෙයි නිදහසක් නම් සිත් සතන් පුරා
කුමටද බැරි බරක් අරගෙන කිරුළු දරා
බොරුවෙන් රටක් යාවිද සුරපුරක් කරා
බත බුලතින් පිරී නිති කිරි
උතුරන්න
පැතුවත් මෙලෙස නම් බැහැ එය සපුරන්න
උඩඟුව බොරුව වපුරන මිනිසුන් ඉන්න
මේ නිදහස එපා ආපසු
අරගන්න
30.01.2025