රංජිත් ද සිල්වා - නවසීලන්තය

2025 පෙබරවාරි කලාපය

පැය මිනිත්තු

ජීවිතය ගලා යන්නෙම
තත්පරයෙන් තත්පරය
කියලා කියද්දී වුනත්
අමතක වෙන දෙයක් තියෙනවා

ටික් ටික් ගාමින් වේගෙන්
එක රවුමක් ගිහින් තමයි එයා
මිනිත්තු කටුව
චුට්ටක් හොලවන්නේ

අලසකමින් එයත් රවුමක් යනවා
ඒ ගිහිල්ලා
පැය කටුවට පුංචි තල්ලුවක් දානවා

තත්පර කටුව හත්සිය විසි වාරයක්
හතිදා ගෙන දුවල දුවල රවුමේ ගිහින් තල්ලු කරල
ඕනවට එපාවට වගේ පැය කටුවත් රවුමක යනවා
ඒ වුනාට කාටත් හොඳ හැටි පෙනෙන්නේ
පැය මිනිත්තු කටු දෙකමයි


29 ජනවාරී 2025
View Poem