මල්ලී ඔබටයි………
ඔබ පැමිණිදා - අපේ නිවහනට
සතුට උතුරා ගියා - සැමගේ සිත් පුබුදුකොට
කිරි සුවඳ ගලා ගිය - සිඟිති ඔබේ සිනාකට
උක්කුන් මල්ලි විය - එදා සිට ඔබ අපට
කාලය ගලා ගොස් - තරුණවිය එළඹී ඔබ
ඉගිලිගියා දුර - ඈත සයුරෙන් එහා
ඔබේ ප්රශ්න වැල් දිගේ - එයින් ගැලවී ගන්ට
ඔබ ලියූ කියූ දෑ - අපේ සිත්සතන්වල
රැඳුනා ඉඳුරාම - සේ ඉන්ද්ර කීලයක්
ලියු දෑ නිතිපතා - නැවතුන මාසයක්
දැනුනි මට නැවතුනු - ලෙසට මගෙ හද ගැස්ම
යැවූ පණිවිඩ ඔබට - දුරකතන ඇමතුම්ද
ගියේ නෑ ඔබ අතට - අප සිටියෙ සැම බලා
පෙරේදා ඔබ එවු පණිවිඩය - ලැබී සිත
සතුටින් පිරී ගියා - උක්කුන් මල්ලියේ
නවසීලන්තය
30ජනවාරි 2025
සතුට උතුරා ගියා - සැමගේ සිත් පුබුදුකොට
කිරි සුවඳ ගලා ගිය - සිඟිති ඔබේ සිනාකට
උක්කුන් මල්ලි විය - එදා සිට ඔබ අපට
කාලය ගලා ගොස් - තරුණවිය එළඹී ඔබ
ඉගිලිගියා දුර - ඈත සයුරෙන් එහා
ඔබේ ප්රශ්න වැල් දිගේ - එයින් ගැලවී ගන්ට
ඔබ ලියූ කියූ දෑ - අපේ සිත්සතන්වල
රැඳුනා ඉඳුරාම - සේ ඉන්ද්ර කීලයක්
ලියු දෑ නිතිපතා - නැවතුන මාසයක්
දැනුනි මට නැවතුනු - ලෙසට මගෙ හද ගැස්ම
යැවූ පණිවිඩ ඔබට - දුරකතන ඇමතුම්ද
ගියේ නෑ ඔබ අතට - අප සිටියෙ සැම බලා
පෙරේදා ඔබ එවු පණිවිඩය - ලැබී සිත
සතුටින් පිරී ගියා - උක්කුන් මල්ලියේ
නවසීලන්තය
30ජනවාරි 2025