49 වැනි සැමරුම වෙනුවෙන්...
එළිවැට මතින් රසවැට තැනූ
මහගම සේකර ශූරීන්
සිරිලක පරසිද්ද තුංමං හංදිය
සිතුවම් පටයකට ද හැරවුම් ලක්ෂය
නම ගිය කවියකුගෙ ගම්පියසය
රදාවාන - සියනෑ කෝරළය...
කිරිඳිවැල නගරෙට ආසන්න
මෙගම්පියසේ උපත් ලැබුවෙන
කිසිවකු වෙත් ද කවියකු ගුරුතුමකු වුණ
නම කිව යුතු නොවේ පරසිදු පුතකු නැණ...
ගිය ජනවාරි දහ හතරට ගැනුණු දින
මෙතුමා සමරමින් කවිකම් නොමඳ වුණ
හතළිස් නව වරට ඔහු පිළිබඳ ව පණ
ගැන්වුණි සදා පවතින නම “කවියෙ” මිණ...
ගුරුවරයකු - රචකයකු - කවියකු ද වුණ
ගුවන් විදුලියේ නම ගත් කෙනෙකු වන
කතා කෙටි ලියා නව හා ගීත දන
මුමුණයි අදත් නිතර ම කවි රසය මැණ...
කළ රචනා ව්‍යංගා - බෝඩිම ආදී
නොමියෙමි - ලිහිණිසක්වා දන සිත් යාදී
හංස ගීත-සද්ධන්ත-කුණ්ඩලකේසී
නාටක කෙළේ තබමින් ජනමත දෝසී...
තුංමං හංදියේ හද බැඳි කතාන්දරේ
මනෝ මංදිරේ යන නව කතාන්දරේ
හදවත බැඳ තබන නාටක ගී අතරේ
සෝක තැවුල් නසනා ගී පද වැතිරේ...
“ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන
ඈත කඳුකර හිමව් අරණක
පාලු අඳුරු නිල් අහස අබියස
රත්න දීප නම් ජන්ම භූමිය”...
“මේ සිංහල අපගෙ රට ය
විශ්වයේ නොයෙක් අත ය
ඈත ගව් ගණන් දුරු ය
පාව ආ විලාසිතා ය”...
“ඔබේ නමින් සෑය බඳිමි”
ගී කලාව සුමට කෙරුණි
නිදහස් කවි කලා බසිනි
“නිස`දැස්” කවිකම් එක් වුණි...
“සරු පොළොවක් අපට ඇතේ
පුංචි අපට කයි-කතන්දරේ
කොටි වළිගය ළමා හිතේ
පීතර කෙටි කතා පොතේ”...
නිදහස් කවි කලාව ලොව
පිළිගත් සවි තලාව නව
නොබිය ව ගළපා කියන්න කවියෙන්...
එයින් බිඳී ආ නියා ය
“නිස`දැස” නම් කවි කලාව
වැඩිපුර කවි - ගීත හැදුණෙ එහෙයින්...
“පුබුද්‍ධ” ප්‍රචලිත වූයේ
මරණින් පසු ව ය ඔහුගේ
“ගද්‍ය -පද්‍ය රිද්ම” පොත ද
පසු ව කෙරුණු වග දනුයේ...!
මහගම සේකර පූරණ
කලාකරුවෙකැයි කීමට
ඔහු කළ - කී දෑ අපමණ
ප්‍රමාණවත් වනු නියත ය...
මේ කව් කුමුදත් ඔහුගේ
නාමය උදෙසා ම පිදේ
කවියට පෙම් බැඳි බෝ සේ
යමි ඔහු ගිය මඟයි රසේ...
දිවියේ හතළිස් හය වන
සැතැපුම් කණුවත් පසුකර
දිවි සැරියට ආයුබොවන්
කීමට ඔහුටත් සිදු විය !
අවසන් කෙරුමට
“මේ කව් සමර”
උපුට දක්වමි මම්
“ මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනැවි!
දුක් ගීයක් ලියනු මැනැවි!!
දුක් ගීයක් ලියනු මැනැවි!!!”
සදාතනික කවියකි නුඹ මට
සදාතනික කවියෙකි නුඹ මට
මා යනෙන හැම තැන
නුඹ සිටී දැහැන් ගත ව
කියවන තුරු මා නොඉවසිල්ලෙන්
නුඹ තවමත් නොලියූ ඒ කවිය!!!
****
මහගම සේකර ශූරීන්
සිරිලක පරසිද්ද තුංමං හංදිය
සිතුවම් පටයකට ද හැරවුම් ලක්ෂය
නම ගිය කවියකුගෙ ගම්පියසය
රදාවාන - සියනෑ කෝරළය...
කිරිඳිවැල නගරෙට ආසන්න
මෙගම්පියසේ උපත් ලැබුවෙන
කිසිවකු වෙත් ද කවියකු ගුරුතුමකු වුණ
නම කිව යුතු නොවේ පරසිදු පුතකු නැණ...
ගිය ජනවාරි දහ හතරට ගැනුණු දින
මෙතුමා සමරමින් කවිකම් නොමඳ වුණ
හතළිස් නව වරට ඔහු පිළිබඳ ව පණ
ගැන්වුණි සදා පවතින නම “කවියෙ” මිණ...
ගුරුවරයකු - රචකයකු - කවියකු ද වුණ
ගුවන් විදුලියේ නම ගත් කෙනෙකු වන
කතා කෙටි ලියා නව හා ගීත දන
මුමුණයි අදත් නිතර ම කවි රසය මැණ...
කළ රචනා ව්‍යංගා - බෝඩිම ආදී
නොමියෙමි - ලිහිණිසක්වා දන සිත් යාදී
හංස ගීත-සද්ධන්ත-කුණ්ඩලකේසී
නාටක කෙළේ තබමින් ජනමත දෝසී...
තුංමං හංදියේ හද බැඳි කතාන්දරේ
මනෝ මංදිරේ යන නව කතාන්දරේ
හදවත බැඳ තබන නාටක ගී අතරේ
සෝක තැවුල් නසනා ගී පද වැතිරේ...
“ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන
ඈත කඳුකර හිමව් අරණක
පාලු අඳුරු නිල් අහස අබියස
රත්න දීප නම් ජන්ම භූමිය”...
“මේ සිංහල අපගෙ රට ය
විශ්වයේ නොයෙක් අත ය
ඈත ගව් ගණන් දුරු ය
පාව ආ විලාසිතා ය”...
“ඔබේ නමින් සෑය බඳිමි”
ගී කලාව සුමට කෙරුණි
නිදහස් කවි කලා බසිනි
“නිස`දැස්” කවිකම් එක් වුණි...
“සරු පොළොවක් අපට ඇතේ
පුංචි අපට කයි-කතන්දරේ
කොටි වළිගය ළමා හිතේ
පීතර කෙටි කතා පොතේ”...
නිදහස් කවි කලාව ලොව
පිළිගත් සවි තලාව නව
නොබිය ව ගළපා කියන්න කවියෙන්...
එයින් බිඳී ආ නියා ය
“නිස`දැස” නම් කවි කලාව
වැඩිපුර කවි - ගීත හැදුණෙ එහෙයින්...
“පුබුද්‍ධ” ප්‍රචලිත වූයේ
මරණින් පසු ව ය ඔහුගේ
“ගද්‍ය -පද්‍ය රිද්ම” පොත ද
පසු ව කෙරුණු වග දනුයේ...!
මහගම සේකර පූරණ
කලාකරුවෙකැයි කීමට
ඔහු කළ - කී දෑ අපමණ
ප්‍රමාණවත් වනු නියත ය...
මේ කව් කුමුදත් ඔහුගේ
නාමය උදෙසා ම පිදේ
කවියට පෙම් බැඳි බෝ සේ
යමි ඔහු ගිය මඟයි රසේ...
දිවියේ හතළිස් හය වන
සැතැපුම් කණුවත් පසුකර
දිවි සැරියට ආයුබොවන්
කීමට ඔහුටත් සිදු විය !
අවසන් කෙරුමට
“මේ කව් සමර”
උපුට දක්වමි මම්
“ මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනැවි!
දුක් ගීයක් ලියනු මැනැවි!!
දුක් ගීයක් ලියනු මැනැවි!!!”
සදාතනික කවියකි නුඹ මට
සදාතනික කවියෙකි නුඹ මට
මා යනෙන හැම තැන
නුඹ සිටී දැහැන් ගත ව
කියවන තුරු මා නොඉවසිල්ලෙන්
නුඹ තවමත් නොලියූ ඒ කවිය!!!
****