විමුත් ද සිල්වා

2025 පෙබරවාරි කලාපය

කරුණාව

අත්වාරුවක් නැතිමුත්
සුන්දරය හිමය
ඈතින් පෙනෙන මළුවට
දුර නැහැ කියයි යන අය

පෙර මෙන්ම අදත්
අනුන් බර කරට අරගෙන
පාරමී පුරනවා අත්වැට
හංගමින් කිරි කිරි හඬ

ඉහළ යන හැම පියවරට ම
රිදුම් දෙන කොන්දට
මීදුමත් කැටි කරන්
පත්තු බඳිනවා සීතල

ඉර සේවය අහවරව
ගෙවෙද්දී හොරා කිහිපයක්
ඉහළ ගියවුන් එකා දෙන්නා
නැවත ආපසු එත

හංගගෙන සුසුමක්

හිතේ නොපෙනෙන කොනක
හැරෙමි තනිකර, මෙතෙක් තනි රැකි
හෙලෙන් පහළට පනින කළු ගඟ
View Poem