ලොවක සිටියෙද සිරුරෙ රුහිරය කිරට හරවන මව තරන්..
තිසර හසඟන විලස තුඟු ලය තුරුණු ලියකගෙ රුව දොවා........
තඹර කැකුලක සුමුදු මටසිළු හසර කඳුතුඩු ලෙස හොවා..
බඹරු උනුහුම පහස විඳිනට සිතැඟි අඟවන රඟ දෙවා..
කුමරි බඹසර විලස රැකගෙන පිරුනු ලැමවිල කලෙ මුවා..
සිතෙහි උතුරන නිමල ගුණකඳ හොවන දරුගැබ කුස කරා..
පැමිණි දිනසිට පිපෙන ලැමදෙස බලති සෙනෙහස හද දරා...
සොඳුරු සියුමැලි සැඟවු පියයුරු බිලිඳු සිහිනය වත අරා..
කොමල මුසුසැම අනඟ රසමුස තිලින කරවුයෙ හද පුරා..
රකින සිළුමිණ ලෙසට සුරවමි තුරුණු සියොළඟ පුද කරන්..
අරන මතඟන සරන මනරඟ අමිත පිලිලබ නෙතු අරන්..
තුමුල පිරි කුඹු දෙතනෙ නිරුවත විවර කරහැර හද සරන්...
ලොවක සිටියෙද සිරුරෙ රුහිරය කිරට හරවන මව තරන්..
ඊශ්‍රායලයේ
ජෙරුසෙලමේ සිට