පියාණනි ..සිහ රජාණනි LION - THE NATIONAL HERITAGE.
උස්සගෙන කග පතක්...
ඇඟිලි පහ නවාගෙන .
තැඹිලි කොල තීරු දෙස..
හැමදාම බලාගෙන.
ළය මඩල පුම්බගෙන..
වැජඹෙනා ප්‍රෙතාපව.
මහ කොඩියෙ සිහ රදුනි...
නුඹද අපේ පියාණන ?
******************************
කෙසරු වැල් නොසොල්වා..
සීරුවට තබාගෙන.
නිදහසේ මහා..
මන්දිරෙ වටා වාඩිගෙන.
පැරණි අග නගරයේ..
කුලුනු දෙස සමාධිව.
ශිලාමය සිහ රදුනි..
නුඹද අපෙ පියාණන. ?
*********************************
දහම් සක උඩ ඉද්දි..
අසිපතට රවාගෙන.
පුන් කලස වී කරල්...
නෙළුම් පෙති සිනාසෙන
ඒ සොඳුරු සිත්තමේ..
මැද සිටින උදාරව.
ජන රජයෙ ලකුණෙ...
සිහ රජුද අපෙ පියාණන ?
**********************************
පියාණනි ලක් මවුන්..
බොහෝ දුක පුරෝගෙන.
දූ පුතුන් සරි කළත්..
සියලු බර දරාගෙන.
මාරුවෙන් මාරුවට...
සොරු ඇවිත් ලියාගෙන
තලා හප කර තිබේ..
ඈ රකින මුවාවෙන.
******************************
එපා නුඹ අසන්නට..
නිදහසට වැයෙන බෙර.
වහා බැස නැගිට විත්..
මවුන් මිය යැවෙනු පෙර.
මුදාලනු අපි යළිත්..
සටන් වැද අභීතව .
පොළොවේ යට නිදාගත්...
වීරයන් අවදිකර.
*********************************
බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල.
2025.01.23.
ඇඟිලි පහ නවාගෙන .
තැඹිලි කොල තීරු දෙස..
හැමදාම බලාගෙන.
ළය මඩල පුම්බගෙන..
වැජඹෙනා ප්‍රෙතාපව.
මහ කොඩියෙ සිහ රදුනි...
නුඹද අපේ පියාණන ?
******************************
කෙසරු වැල් නොසොල්වා..
සීරුවට තබාගෙන.
නිදහසේ මහා..
මන්දිරෙ වටා වාඩිගෙන.
පැරණි අග නගරයේ..
කුලුනු දෙස සමාධිව.
ශිලාමය සිහ රදුනි..
නුඹද අපෙ පියාණන. ?
*********************************
දහම් සක උඩ ඉද්දි..
අසිපතට රවාගෙන.
පුන් කලස වී කරල්...
නෙළුම් පෙති සිනාසෙන
ඒ සොඳුරු සිත්තමේ..
මැද සිටින උදාරව.
ජන රජයෙ ලකුණෙ...
සිහ රජුද අපෙ පියාණන ?
**********************************
පියාණනි ලක් මවුන්..
බොහෝ දුක පුරෝගෙන.
දූ පුතුන් සරි කළත්..
සියලු බර දරාගෙන.
මාරුවෙන් මාරුවට...
සොරු ඇවිත් ලියාගෙන
තලා හප කර තිබේ..
ඈ රකින මුවාවෙන.
******************************
එපා නුඹ අසන්නට..
නිදහසට වැයෙන බෙර.
වහා බැස නැගිට විත්..
මවුන් මිය යැවෙනු පෙර.
මුදාලනු අපි යළිත්..
සටන් වැද අභීතව .
පොළොවේ යට නිදාගත්...
වීරයන් අවදිකර.
*********************************
බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල.
2025.01.23.