සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

2025 පෙබරවාරි කලාපය

පොල්කිච්චා

පියාඹාගෙන යද්දි
අලුත් අහසක් යටින්
වැහි කූරු අනිනවා
ඉස රිදෙන්නට තදින්

පියාපත් සලා විත්
කොහේදෝ සිට ඇවිත්
රිදුම් සනසාලුවා
තදින් පිරිමැද සෙමින්

කුදු වු පොල්කිච්චෙක්ව
අතු අගිස්සේ සිටන්
වැහිදාක හැඟුම්බර
කඳුළු කවි ලියු වෙලේ
සඳේ හාවෙක් ඇවිත්
කැරට් අලයක් ලෙසා
කා දමා තූ තූ කලේ
එ කව්

තෙරක් නොපෙනෙන ගගන
මුහුදුබත්වන තැනදි
චණ්ඩ මාරුතය වී
කනෙන් අල්ලා දමා
පස්සට දෙකක් දී
වෙරළට ම'විසි කළේ

ඉඳහිටක හරි පැමිණ
නුඹේ කූඩුව දොරට
කරච්චල කියවිල්ල
නොදා කොහොමද සබඳ

අලුත හමුවුණු පණු පැටව් ගැන
මඟදි හමු උනු අලි කකුල් ගැන
එකට ගැටෙනා හරක් අං ගැන
පිනුම් ගහනා හා පැටව් ගැන
පන්සලේ ඝණ්ටාරෙ හඬ ගැන
ඉසට රිද්දන වැහි කූරු ගැන
මතක් කරලා නුඹත් එක්කම
ඔහේ වරුවක් ගෙවාලන එක
තමයි මාගේ පරම යුතුකම
මගේ පියපත් දිගේ තරමට

කරදරකාර පොල්කිච්චා
බිත්ති හතරකින් කොටු වූ
අහසක් යට සිට
View Poem