ප්‍රියංගිකා බටගොඩ

2025 පෙබරවාරි කලාපය

කිපි තෙපුල් බිනුයෙන පෙම නොරිසි වී සැඟවුන....

කිපි තෙපුල් බිනුයෙන පෙම නොරිසි වී සැඟවුන
කොපුල් තල කඳුලින සිහිව ලොවෙහි අවමන

සාර සංක කල්ප පුරා පෙරුමන් පිරු දස
ලෝල වඩන වදනක වැද ආවෙමි පසුපස
පාරවමින් අතහැරිදා මතකය ළය පිස
දෝර ගලන නෙතු නිම්නය තනිවෙමි නැත දොස

අලස ලැසි පියගෙන බඳ වැනෙන සොඳුරූ
දිගැස යස ගමනින කුස දරුය නොමෙරූ

බාල බොලඳ සිත රවටා හැඟුමන් සැන යැදු
කෝල බමර තුඩ පහසට රැකුමන් හැම පිදු
තාල ඉකිය රෙදි කච්චිය එලිපත මත රිදු
දෑල ඉවුරු දිය ගලතත් නොසැලෙයි මහ කඳු


පස් මහ බැලුම් අමතක රැයෙ පිරුවටයම හැකිලූ
අස් වැසුමක් නැත සවනත ඉනිවැට ලඟ මුකුලූ

උනන උනන නව හැඟුමක සිතුවිලි හද බැඳුනා
නිදන පියෙන පිල්ලම යට සිහිනෙකි සුව සඳනා
හමන පවන ගලා ඇවිත් පිය සුවඳකි ගෙනෙනා
නොයන ලෙසින පෙම් වුවනත මා මනසෙහි රඳනා

ඇස් දහසක රඟ උනුලේ කිරි බිඳුවට පෙරලූ
රැස් විහිදෙන තරු කුමරෙක් මව් ඇකයේ තුරුලූ

නිතියෙන් විඳ සනසා ලය පනසේ නුඹ රකිමී
දැහැමින් ලොව දිනනා හැටි පුතුනේ මුව කියමි
සඳකින් සඳ ගෙවෙනා කල දිවියේ රස බලමී
හිරුමෙන් ලොව දිලෙනා දින සුවසේ ඇස පියමී
View Poem