සෙබළ ආදරය
තල් වැට මායිමේ සුන්දර
වන දහනේ
බර ගිනි අවිය තනියට
සුරතේ රැඳුනේ
තනිකම දරා ගැනුමට සිත
දිරි ලැබුණේ
නුඹගේ ආදරය හද තුල
නිති රැඳුනේ
වැටෙනා හුස්ම ගානේ නුඹ
සිහි වෙනවා
දින සති ගනින්නට සිත
යුහුසුලු වෙනවා
ලද පොඩි විරාමය සිතුවිලි
තෙරපෙනවා
තුන්තිස් පැයේ නුඹෙ තුරුලේ
සැතපෙනවා
රට රැකුමටයි ගිනි අවි
සුරතට ගත්තේ
දැය දිනුමටයි සිත දිරි බල
ලැබ ගත්තේ
නුඹෙ ආදරෙයි මගෙ පණ නළ
රැක ගත්තේ
සිප සනසන්නෙ මගෙ ආදරෙ
නුඹ මත්තේ
Photo Credit: Diana Australis
වන දහනේ
බර ගිනි අවිය තනියට
සුරතේ රැඳුනේ
තනිකම දරා ගැනුමට සිත
දිරි ලැබුණේ
නුඹගේ ආදරය හද තුල
නිති රැඳුනේ
වැටෙනා හුස්ම ගානේ නුඹ
සිහි වෙනවා
දින සති ගනින්නට සිත
යුහුසුලු වෙනවා
ලද පොඩි විරාමය සිතුවිලි
තෙරපෙනවා
තුන්තිස් පැයේ නුඹෙ තුරුලේ
සැතපෙනවා
රට රැකුමටයි ගිනි අවි
සුරතට ගත්තේ
දැය දිනුමටයි සිත දිරි බල
ලැබ ගත්තේ
නුඹෙ ආදරෙයි මගෙ පණ නළ
රැක ගත්තේ
සිප සනසන්නෙ මගෙ ආදරෙ
නුඹ මත්තේ
Photo Credit: Diana Australis