දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2025 පෙබරවාරි කලාපය

කුමට මා කවියෙක්ව

රිදුන හදවත් වේදනා දෙස නොබල පෙම්කවි ගොතානම්
දුකින් පීඩිත මුහණු දැක දැක සොමි සඳට පද බඳීනම්
නෙතක කඳුලක වේදනා දැන පින්නෙ තෙතගුණ කියානම්
කුමට සරසවි වරම් ලැබ මා හොඳයි මට නොලැබුණානම්

කිරිබිඳක්වී හඬන බිළිඳෙකු මුවේ රැඳවෙනු නොහේනම්
දැවෙන සාගිණි නිවා දරුවකු කුසට බත් පිඩ නොවේනම්
ගල් බොරළු ඇනි සිඟිති දෙපයක වහන්වී සුව නොදේනම්
කුමට මගෙ කවි අකුරු පමණයි හොඳයි ඒ නොලියුනානම්

තැලෙන මිණිසුන් තව පෙලද්දී දේව පැසසුම් ලියමිනම්
දුකින් පීඩිත ගැහැණු මැද හිඳ සුරඟනන් හැඩ වනමිනම්
මිණීමරනා ලොවක වසමින් සුරලොවෙහි තතු මවමිනම්
හදවතේ කටුවක්ව කුමටද කිණිසක්ව නොඇනුනාම්

මෙහෙවරක් නැති හෑලි ලියමින් කවි ලියමි යැයි සිතම්නම්
ලොවට යහපත නොව සම්මාන මට නම්බු නාමා පතමිනම්
මෙන්න පන්හිඳ අරන් දකුණට උල් කරන් උල මදියිනම්
සරසවිය ඇන මරන් කවිසිත පැතුම ඉටු නොමවුණානම්
View Poem