ජයන්තා මිහින්දුකුලසූරිය

2025 පෙබරවාරි කලාපය

පුංචි කුමරියේ!

විල් ජලේ සිහිල් දියෙන්
සීරුවෙන් නැගී
රෝස පෙති විදාලමින්
සිනා කැළුම් සලා,
සුවඳ දී ,නොමින් සතන්
පොබයනා නිතින්
සියපතකි,,නුඹත් මගේ
පුංචි කුමරියේ !


සඳ නිදන රැයේ නැගී
ගගන තල අරා
දිලිහෙනා නුවන් අයා
රුවන් කැළුම් විදා
හිනැහෙමින් නිවා දැමූ
හදේ සෝ තැවුල්
තරුවකී, නුඹත් මගේ
පුංචි කුමරියේ !


ඈත කඳු මතින් නැගී,
සීරුවෙන් ගලා,
රඟ දෙමින් කුලෙන් කුලේ
මියැසි සර නගා,
රිදී වන් සිනාවකින්
සරසනා මවුන්
ගඟුලකී. නුඹත් මගේ
පුංචි කුමරියේ!


2025.1.23.
View Poem