සුබ සිහින වඩා හිඳුවමි.
සඳ සිල දල්වන්න
අමතක වූ රැයක
මහා තුරු මුදුන් අග වැ ලපෙනා
තාරකා මල් වල
ඔබේ දෙනුවන් සොයමි
සුසුම් නල ගතු කියා විත්
මා වටා කොඳුරත්දි
ඔබේ හඬ අසන්නට
මුනිවතම රකිමි
මල් කිසිවක්ම නො තබමින්
දැවී ගය තඹරු විල මත
කොඳ මලක් හෝ පුබුදා
ඔබ සිනා නගතැ යි
දකින්නට නො නිදා ම ඉමි
එනමුදු
රැය අහවර වන්නට
ඔන්න මෙන්නව තිබියදී
සඳ කැඳවමින් පෙරමග
කුරුටු ගෑ කවක් මත
ඔබවම දකිමි
සුබ සිහින වඩා හිඳුවමි.
ෂිආන්, චීනය
අමතක වූ රැයක
මහා තුරු මුදුන් අග වැ ලපෙනා
තාරකා මල් වල
ඔබේ දෙනුවන් සොයමි
සුසුම් නල ගතු කියා විත්
මා වටා කොඳුරත්දි
ඔබේ හඬ අසන්නට
මුනිවතම රකිමි
මල් කිසිවක්ම නො තබමින්
දැවී ගය තඹරු විල මත
කොඳ මලක් හෝ පුබුදා
ඔබ සිනා නගතැ යි
දකින්නට නො නිදා ම ඉමි
එනමුදු
රැය අහවර වන්නට
ඔන්න මෙන්නව තිබියදී
සඳ කැඳවමින් පෙරමග
කුරුටු ගෑ කවක් මත
ඔබවම දකිමි
සුබ සිහින වඩා හිඳුවමි.
ෂිආන්, චීනය