සුනීශා සෂී සමරවීර

2025 පෙබරවාරි කලාපය

මනමාලි

සුදු මල් ලස්සන සාරිය ඇඳලා
මල් ගහලා කොණ්ඩය හැඩ කරලා
කරවට දිලිසෙන මාලය බැඳලා
පොඩි නැන්දා මනමාලි වෙලා

එල්ලෙන පැද්දෙන තෝඩු දමාලා
රන් වන් වළලුය අත් සරසාලා
ඉනවට හවඩිය යන පැද්දීලා
පොඩි නැන්දා මනමාලි වෙලා

ලස්සන මූනේ සායම් ගාලා
තව තව ලස්සන වී හැඩවීලා
සුවඳැති මල් පොකුරක් අත තබලා
පොඩි නැන්දා මනමාලි වෙලා

තාලෙට කොමලෙට අඩිය තබාලා
හෙමිහිට හැඩයට පියවර මැනලා
හරියට නැකතට පෝරුවෙ නැඟලා
පොඩි නැන්දා මනමාලි වෙලා

පුංචි අපිට කවි සින්දු
View Poem