මකන්නට හදන තැන්
තවමත් මල් මහනවද
ඉඳහිට සිතුවමක් අඳිනවද
ඒ සිතුවමට යටින්
පද පෙළක් ලියනවද
මුළුතැන්ගෙය දෙසින්
දැනේ තුනපහ සුවඳක්
ඔයත් උයනවා ඇති
දෙදෙනෙකුට විතරක්
දුව තවම අඬනවද
කන්න බැහැ කියමින්
එතකොට කියනවද
කතාවක් ගොතමින්
එක හිතින් බෙදාගත්
බොහෝ දේ තිබුණත්
මගහැරුණු තැන්
නැතිවාම නොවුණත්
මගේ හිත හෙව්වෙ
ඔයා ළඟ නැති යමක්
බැඳීමක් බිඳෙන්නට
නැතිව බැරි හේතුවක්
ඔයාගෙන් වුණු අඩුව
මම තවම හොයනවා
ඈතින් ඉන්නකොට
වැඩිය මට දැනෙනවා
මකන්නට හදන තැන්
තව තදින් ඇඳෙනවා
මම හොඳින්......
හොඳින් යැයි හිතනවා
ඉඳහිට සිතුවමක් අඳිනවද
ඒ සිතුවමට යටින්
පද පෙළක් ලියනවද
මුළුතැන්ගෙය දෙසින්
දැනේ තුනපහ සුවඳක්
ඔයත් උයනවා ඇති
දෙදෙනෙකුට විතරක්
දුව තවම අඬනවද
කන්න බැහැ කියමින්
එතකොට කියනවද
කතාවක් ගොතමින්
එක හිතින් බෙදාගත්
බොහෝ දේ තිබුණත්
මගහැරුණු තැන්
නැතිවාම නොවුණත්
මගේ හිත හෙව්වෙ
ඔයා ළඟ නැති යමක්
බැඳීමක් බිඳෙන්නට
නැතිව බැරි හේතුවක්
ඔයාගෙන් වුණු අඩුව
මම තවම හොයනවා
ඈතින් ඉන්නකොට
වැඩිය මට දැනෙනවා
මකන්නට හදන තැන්
තව තදින් ඇඳෙනවා
මම හොඳින්......
හොඳින් යැයි හිතනවා