අමිතා පද්මකුමාරි

2025 පෙබරවාරි කලාපය

වයයි තවමත් ගඳඹ

පුර දොරටු අභියස
සත්සරය මුසුවී
මධුර වස්දඬු රාව
ඇදී යද්දී සුමටව
සුරලියන් පරදවන
පුර අංගනාවෝ
වසාගෙන සවන්පත්
සොයයි අන් වගතුග
ඉසිඹුවක් නැති පුරයේ
යන්නවුන් පසුකර
නොනැවතෙයි මොහොතක්
විඳින්ට ඒ මධුර සර
වයයි තවමත් එපුර
දෑස් නොපෙනෙන ගඳඹ
View Poem