ඉෂංකා මිහිරි කුමාරතුංග

2025 පෙබරවාරි කලාපය

අම්මා...

සසරම නිවනා....තුන්බෝ ලෙසිනා
දරා පපු මැද සෙනේ
සෙවනම සදනා...පිරුවට තනනා
අම්මා මයි සංසාර සුවේ....

ලොවක් ඉවත බැලුවද මග තනි රකිනා
තුන් සුතුර ඇයයි ජීවිතේ...
අඳුරෙත් ලඟ හිදගෙන හිස සිප සනහා
හුස්මත් ඇයමයි මතු බවේ....

එවන් සුව සදනා අම්මා බුදු වනදා
පත්තිරිප්පුවේ කිරි සුවද පිරේ...
නිමාවක් දකිනා සසරේ අවසන් දින මා
නිවනේ සුව විදින්නම් ඈගෙ ඇකේ....
View Poem