කලා වැවේ හේරත්!
රස්සාවට පිලිම නෙලන කලා වැවේ හේරත්
පන්සලකට ගිහින් නෑලු පුදුමයි අපි කාටත්
පහනක් වත් දල්වල නෑ පෝයටවත් කෝමත්
පස් පවු දස අකුසල් නැහැ දවල් නෙවෙයි රෑවත්
දෑස් වසන් නොසොල්මනේ නොහිටියාට හේරත්
එරමිනියා ගොතලා බාවනා වැඩුවෙ නැතුවත්
පිලිමෙ නෙලද්දී සිත එක තැන තිබුනා මැරුවත්
සමත විදර්සනා දෙකම වැඩුනෙ කවුරු නොදැනත්
බෞද්ධයයි කියා ගත්තෙ නැතුවට අපෙ හේරත්
සුදු ඇදලා පේරු දානෙ අරගෙන ගියෙ නැතුවත්
මලක් තියා පෙත්තක්වත් පූජ නොකර හිටියත්
කෙලෙස් මලක් පිපුනේ නැහැ සිත සන්සුන් කවදත්
පන්සලකට ගිහින් නෑලු පුදුමයි අපි කාටත්
පහනක් වත් දල්වල නෑ පෝයටවත් කෝමත්
පස් පවු දස අකුසල් නැහැ දවල් නෙවෙයි රෑවත්
දෑස් වසන් නොසොල්මනේ නොහිටියාට හේරත්
එරමිනියා ගොතලා බාවනා වැඩුවෙ නැතුවත්
පිලිමෙ නෙලද්දී සිත එක තැන තිබුනා මැරුවත්
සමත විදර්සනා දෙකම වැඩුනෙ කවුරු නොදැනත්
බෞද්ධයයි කියා ගත්තෙ නැතුවට අපෙ හේරත්
සුදු ඇදලා පේරු දානෙ අරගෙන ගියෙ නැතුවත්
මලක් තියා පෙත්තක්වත් පූජ නොකර හිටියත්
කෙලෙස් මලක් පිපුනේ නැහැ සිත සන්සුන් කවදත්