සුධර්මා වීරක්කොඩි

2025 ජනවාරි කලාපය

මහා කවියක ලියවමී.. මම දයාවන් ගුරුතුමී..

සුවද අරගෙන ,මිහිර දැවටුන
හිනාවට සලිතව ඉමී
පෙනෙන මතුපිට තුළින් කියවෙන
අන්දරය මම කියවමී
හිමින් අතගා පැටවුනේ හිත
නුඹට සුවයක් ගෙන එමී
දැනුම නොව ආකල්ප අතුරා
නොකියවෙන දේ දන්වමී

හදේ රිදුමට දැනෙන හීරුම
හිතේ කොනකට අරගමී
සිනාවක සැරසුන මුවග මැද
හදේ ගිනි පහනක් වැනී
ලොවේ දිදුලන ලමා කැන් ලග
ඒ පහන් පෙළ දල්වමී
ගුහාගත සීරුමක තාපය
මහා කවියක ලියවමී....

සතුට ඇති තැන සොයා යන්නට
ගමන් මග තොට පෙන්වමී
ලැබූ පමණින් දරා ගන්නට
දිරිය පමණක් දවටමී
පහන් දැල්වු පහන දිනයක
නිවෙන දැල්ලක නිවෙනෙමී
හිනා පමණක් හැමට ක්ෂය කළ
මම ඔබේ මුදු ගුරුතුමී


හිම මිදෙන ඒරොප්පෙදී
18/12/24
View Poem