මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

2025 ජනවාරි කලාපය

මගෙම තනිකම......

සොඳුරු මොහොතක ඇඳුණු සිතුවම් බොඳ වුණේ කිම නොදනිමී
අඳුර පොදි බැඳ මියෙන සෙවනැලි නගන කෙඳිරිලි නොඅසමී
සතුට කොතැනක කෙලෙස මැවුණිද නොහඳුනන බව හඳුනමී
ම'හද හඬවන ඔබගෙ මතකය ඔබ වෙතම යළි පවරමී

ගලන ගඟුලක හෙළන කඳුලක සිසිල වදනක තවරමී
ම'හද දලුලන හරිත ලියගොමු තෙමන පිනිබිඳු සිපගමී
මැවෙන හැඟුමන් මියෙන මොහොතක සුසුම් සයුරක බැසගමී
නිහඬ වනු මිස කියනු කෙලෙසක නොදැන මුනිවත රැකගමී

නැගෙන රළ පෙල ඇදී වෙරළට බිඳී යන'යුරු නරඹමී
සිතිජ කෙළවර නිදන හිරු මල හෙළූ කඳුළක් පිස ලමී
නිහඬ කවියක නුහුරු පද වැල් රැඳුනු සුළඟේ තෙමි තෙමී
හිඳිමි තනිවම තුරුලු කරගෙන මගෙම තනිකම මට හිමී
View Poem