සදහටම වෙන්වූ මගේ ආදරණිය යෙහෙලියට.
හමුවී,
තාවකාලිකව මගහැරී, නැවත හමුවී...
අදින් පසු ,සදහටම මට මගහැරෙන යෙහෙලියේ...
පාසල් මව් තුරුලේ
සුදු අරලිය ගස් සෙවනේ..
යොවුන් වියේ දඟකාරකම් පෑ අපි දෙන්නා..
එක බත්පත බෙදාගෙන කෑ අපි දෙන්නා..
පාසැල ඇරී යන සුදු කිරි කොකුන් රෑන අතරේ
අත් පටලාගෙන පිය නැගු අපි දෙන්නා..
නුඹ නුඹේ පාරෙන් හැරී යනකොට,
මා නතරවී නුඹ නොපෙනී යනතෙක්ම බලන් හිටියා..
නුඹත් හැරී හැරී බල බල අත වැනුවා..
ඒ ආදරය කියලා නිම කරන්න බැහැ.
හදිසියේම නුඹ මගෙන් හැන්ඟුනා...
නුඹව හොයාගෙන එන්න කොයිතරම් උවමනාව තිබුනත්,
පුංචි මට එහෙම හය්යක් තිබුනේ නැහැ.
ජිවිත කාලෙම හෙව්වා මම.
ඔයත් මාව හොයලා..
දයිවය කියන්නේ මේක වෙන්නැති.
අපි හමුඋනා.... ගිය අගෝස්තුවේ..අපි දෙන්න බදාගෙන ඇඬුවා.. අදහගන්න බැරුව.. අවුරුදු 30කටත් වැඩි කාලයක් නොදැක.ඒත් ඒ මිතුරුදම්, ආදරය අඩුවෙලා තිබුනේ නැහැ.
එදා ඉඳන් දවසක් නෑරම අපි කතා කළා.. පැය ගණන්...ඉස්කෝලේ කාලේ ගැන, ඉන්පස්සේ ජිවිතේ සිදුවීම්,
දරුවෝ... හැමදෙයක්ම.. අපි ආයේ හිනා උනා.. කෙලිලොල් වියේ වගේම..
"බෙහෙත් බොන්න, නිරෝගිව සතුටින් ඉන්න.
අපි හමු උනේ කොච්චර කාලෙකින්ද.
ඉක්මනට මැරෙන්න බැහැ ඔන්න."
මම බනිනව ඔයාට..
"උඹ ඉස්සර වගේමයි,පණ්ඩිතිච්චි උඹ වගේ යාලුවෙක් මට ආයේ නැහැ"
ඒ ඔයා...
අපි ගොඩක් සතුටු උනා, අපි නැවත හමුවීම ගැන..
අනාගතයේදී කරන්න දේවල් සැලසුම් කළා..
මට අම්මා නැති උනාට පස්සේ දැනුනු හිස් බව, පාළුව ටිකෙන් ටික මග හරීගෙන යන බවක් දැනුන. අපේ දේවල් කියන්න, ජිවිතේ බෙදාගන්න අපි දෙන්නට දැන් අපි දෙන්න ඉන්නවා. ඔයා කිව්ව.
අපි දෙන්නම සින්දු කියන්න, අහන්න ආසයි. සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න ආසයි. ඔයාගේ හිත හරිම කරුණාවන්තයි, මුදුයි.
උදේට මගෙන් message පරක්කු උනාම..
ඔයා - මොකද අනේ...
මම - ඇයි..?
ඔයා - මොකද බං....
මම - ඇයි බං. මට තේරුනේ නැහැ
ඔයා - message එකක්වත් නැහැනේ..
මම - ඉතින් මම ඇහැරුනේ දැන් නේ.
ඔයා - ආ... වෙලාව වෙනස් කියලා අමතක උනානේ බං...
මම - පිස්සි නේ
ඔයා - හරි මගේ මැණික, පස්සේ ගන්න එහෙනම්..
ඔයා මගේ ෆෝන් number save කරගෙන තියෙන්නේ 'මගේ මැණික ' කියලා ලු. (දැනගත්තේ ඔයා නැති උනාට පස්සේ )
ඒ ආදරය... ❤️
ඒත් මම ගොඩා....ක් අවාසනාවන්තයි.
ආයෙමත් අර ඉස්කෝලේ කාලේ උනා වගේම, ඔයාව හොරු අරන් ගිහින්...
මේ ගමන මට හොයාගන්න බැරිවෙන්නම.. වෙන ලෝකෙකට. 😪
අපි සැලසුම් කල ඉදිරි ජිවිතේ මට විතරක් ඉතුරු කරලා, මටත් නොකියම ඔයා ගියා.. මට ජීවිතය ගැන තවත් කියා දීලා. බුදුන් වහන්සේගේ ධර්මය මතක් කර දීලා..
'අපිට තියෙන්නේ ජීවත්වෙන මේ මොහොත විතරමයි..'
මගේ හිත ලියන්න මේ ලෝකේ තියෙන පිටු මදිවෙයි.
මේ දීර්ග සංසාර ගමනේ අපි නැවත හමුවෙයි. ඒත් මටවත්, නුඹටවත්.. අපිට මතක තියෙයිද අපිව. හඳුනා ගනීද අපි අපිව.
එසේ හමුවේවා.. අපට, අප හඳුනා ගන්නට තරම් අප පින්වන්ත වේවා.. මම ප්‍රාර්ථනා කරනවා..
සුන්දර සිනහා ඇති, මුදු සිතැත්තියේ,
මගේ ආදරණිය යෙහෙලියේ,
සසරේ සැමදා මට නුඹ හමුවේවා..
නුඹේ ආදරේ,
නුඹ ගැන ඇති මගේ ආදරේ
මගේ හිත පත්ලේම තැන්පත් කරගමි.
අදින් පසුව හමු නොවෙයි අපි.
සසර පුරා ආ ගමන
මේ භවයට මෙතනින් නිමාවිය. සංසාර ගමන සුවදායකම වේවා.... 🙏❤️🙏❤️🙏❤️