ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

2024 දෙසැම්බර් කලාපය

නින්නාද

වසන්තය අගෙයි මට දුන්
ඒ සොඳුරු දඬුවම්

ආසිරි ලබන්නට දෙවොලක් සොයමින්
උණුහුම විදින්නට
පියපතක් යදිමින්
ආතුරව තුන්සිත
දහ අතේ දුවද්දී
රළු පරළු කළු ගලක
දිරූ ගස් දෙබලක
හිනැහුනා මම හොයන
කඩවසම් පිරිමි රුව

ඒත් ඒ කාලෙ උන් ගෑණු
හෙව්වේම රාජේෂ් කන්නලා

දේදුනු පායයිද අත පොවන මානයේ
දිව්‍යමය තාරකා
නොදිලේවි දහවලේ
සූසර කොට සියුම් තැන්
හමා යයි මදපවන මොහොතින්
ඒත් ඒ නිමේෂය
අදත් මට
සත්තයි ප්‍රේමයේ සියවසක්

සඳ දියේ රිදී කිරණින් මැවෙන
විල් දියේ මගේ පිළිබිඹුව සිඹ
ආසිරි පුදන
බැතිමතෙකුගේ
ඕම්කාරය ඇසේ හීනියට
View Poem