ප්‍රියංගිකා බටගොඩ

2024 දෙසැම්බර් කලාපය

ඉල්මහේ කඳුළු

කඳු මුඳුන් සිප සිප වැහි වලාවෝ
සෙමෙන් පියවර
උසැති තුරු අත් පටලගෙන
මද පවන හා රහස් කොඳුරන
මුදු කඳුලු ඉහිරෙන
ඉල් සඳට ඉඩහැර
හිරු හෙමින් ලොව අතහැර
සිරි අසිරි නෙතින් වහනට
අඳුරු සලුපට හෙමින් අතුරන

කෝටියක් තිස් තුන් දෙවිවරු
නොගැසුමුත් කිසිවිට ඇහිපිය
යකඩ කුලු ගෙඩි පහරට
නොදරු හිස් පොඩිකර
සඟව ගත් හැටි පණනල

රුදුරු වද බිම සිහිගෙන
මතු බුදුන් වරා විවරණ
ලෙය සිඳී මියැදුන
අයුරු සිත් වල් බිහිවුනේ කෙලෙසද

මැරී නොමැරුන හුස්මය
සදාකාලික රිද්මය
සඳත් දුකබර ගගනත
නෙලා තරුමල් විසිකර
පුදයි උන්හැම සිහිකර
අදත් ඉල්වැහි වැටේ ඕසෙට
සිව් රියන අහිමි කලසිහිනය
ඇසේ දියකර ඉහමි රතු මල් යායට
View Poem