චමරි වික්‍රමසිංහ පිලියන්දල

2024 දෙසැම්බර් කලාපය

මයෙ කොලූ.......

සුදු රුහිරු රනින් ගලගා පෙවුවෙමි පුතුට
අත් පා නගා දුවනා හැටි දුටුවෙමි යසට
කර දඬු නගා වැඩෙනා කොලු යස රඟට
දැක දැක ඔජ වඩා හැඬුවෙමි සතුට

කාලය ගෙවී හොඳ නරකින් වෙන් කෙරුවා
ඒ පොඩි කොලූ පීඩිතයෙක් කෙරුවා
හදවත මොලය එක් වී සටනක් කෙරුවා
කොලුවා ඉතින් හරි දේ හරියට දුටුවා

පුතුනේ එපා යයි නුඹ ගෙන මරුවා
කීවා උනත් ඌ නෑසුනු කන් ඇතුවා
එක,බත් හුළක් නෑ වීසික් කෙරුවා
පීඩිත උන්ට අම්මෙ මේ බත් නැතුවා

අපි පෑගිලයි ඉන්නෙ ඇයි තේරුම් නැතුවා
පාගන උන්ට යහමින් දේවල් ඇතුවා
කිය කිය ඌ ඒකට සටනක් කෙරුවා
බය සැක මගෙත් ඌ හිමිහිට නැසුවා

රෑ දහවලේ උං මගෙ ඒකල නැසුවා
අම්මේ ඉතින් මම කොයි මොහොතේදැයි ඇසුවා
වෙඩි පිට වෙඩි කකා අපි මේ මග යන්නද ඇසුවා
බෑ කියනු කෝමද ඌ දඩබ්බර මගෙ කොලුවා

ඉල් මහ දිනෙක ගිය මගෙ කොලු නෑ ආවේ
රතු පැහැ කමිසයක් විතරයි ගෙදරට ආවේ
අම්මේ නුඹට මම ණය නෑ නුඹ නොකියා කීවේ
ලේ සලකුණුම විතරයි මට පණිවිඩ කීවේ

රතු මල් එපා සිහි කරපං පුතුයි මගේ
බයිනෙත්තුවෙන් ඇන්නට ඇලපතට උගේ
තරහක් නැතුව ඇති ඌ කොල්ලා මාගේ
උඹලා අපි වෙනුවෙනුයි ඒ ලේ හැලුවේ උගේ.
View Poem