ඉනෝකා ප්‍රියංගනී මීගමුව

2024 දෙසැම්බර් කලාපය

කඳුලක බර තරම්

කඳුළු මට බරයි දැන් ඉතිං අරගෙන යන්න
වාවන්න බෑ තවත් ඇවිත් පිසදා ලන්න
නෙත් කෙවෙනි හීරෙනා උනුහුමයි ගිනි ගන්න
අනේ ඇති හීනයෙන් ඉක්මනින් නව තින්න

පන්හිදේ ඉඩ අරන් ලියූ කවි සේදිලා
හිත්මලේ නුඹෙ නමින් බහ දුන්නෙ පේවෙලා
සංසාරෙ පුරාවට ලඟින් ඉමු බැන්ඳිලා
කිව් වඳන් මහමෙරක් කොහේදෝ ඉගිලිලා

සුවඳ රැඳි ගෙමිදුලේ සමන් මල් මියැදිලා
පවන දුන් හාදුවේ සියොළග ම වියැකිලා
වස්සානෙ ඇවිත් ගිය පාට නෑ දියවෙලා
හැන්ඳෑවෙ ඔයා දුන් සෙනෙහසම පැරදිලා

දැක්කෙ මං හිතද්දර හද නිවූ ප්‍රේමයක්
රැක්කෙ එය පණ වගේ උතුම්වූ වේලයක්
ඇක්කෙ හැමවිට ඉදන් ඉඩගත්තු සේලයක්
වික්කෙ ඇයි හිමියනේ ඉඹ ගත්තු සීලයක්

ඉන්න තැන දහස් මල් පිපී නුඹ හිනැහියන්
බින්න නැති ආදරේ විදින්නට ඉඩදියන්
කින්න රාවක් ඇවිත් සෙනෙහසේ බහදියන්
සින්න වෙන යහනවට නින්දෙ සුව දැනීයන්
View Poem