සමනල සඳෙස -18
දත යුතු කරුණු ගොමුව - 16
බලංගොඩ යතිවරයාණෝ
335. දිවි පරදුවට තබමින් කඩු හරඹෙ සුර
රිවි - සදු හැම පැයේ රකිමින් ඇලුම් කර
කවි පද සතරකින් වට කළ නොහැකි හර
සවි ගත් පිරිස් ඇත තව ලක් මවට බර
336. හෙළයන් රැක්ක මේ බිම ඩා මුගුරු හෙළා
ගන්නට උදුර පින් බිම උහු සටන් කළා
යස පාඩම් දෙමින් පර බල වෙනස් කළා
කන්නට වුණි මැරුම් තැන-තැන රුහිරු හෙළා
337. කසවත දරා ගත් යතිවරු පුරාණයේ
සිටියලු බොහෝ දෑ කරමින් සමාජයේ
කිසි දින කිසි විටෙක පෙර පය අයාලයේ
ගත්තේ නැති ලු පස්සට මරු විකාරයේ
338. එඩිතර ගතිය තිබු ගත නලවැල් අස්සේ
කඩිසර කම දෙ වැනි තැනට ද නැහැ බැස්සේ
මඩිතර කර ගැනුම වෙනුවට දන බිස්සේ
පඩිවර නැණ-නුවණ දෙස-රැස-බස ඉස්සේ
339. කරවා පියස්සක් වෙනුවෙන් ගම් දරුවන්
සදවා තෝතැන්න නැණ ඇස දෙන අටියෙන්
බඳවා දරු - දැරිවි ඒ ගම සතර වටින්
හැදුවා ලක් මවට වැඩ ඇති පඩි - වියතුන්
340. සමනල බලං මෙගමින් බුදු බලය ගෙනා
සමනල බලං මෙගමින් විදු නැණැස ගෙනා
සමනල බලං මෙගමින් සිප් සතර ගෙනා
සමනල බලං වියතුන් පඩිවරුන් ගෙනා
341. නොරද එක තැනෙක කැළඹෙව් ජවෙන් වැඩ
නොමද වෙර - වැරින් වපුලෙව් දහම් ගොඩ
සුවද දෙත අදත් රටට ම කළෙන් වැඩ
අනඳ මෙත් සුරුන් පැවිදි වු බලංගොඩ
342. සමනොල තොපට වැටහුණෙ දැයි කවුරු කියා
විමසුම වටී යතිවර පිළිබද ව සොයා
කිව යුතු හැම දෙය ම දත් පද රසට තියා
කවිකර කියනු මැන දත දන රැසට කියා
සමනලයා දුටු යතිවරයා
බලංගොඩ ආනන්ද මෛත්රී යතිවරයාණෝ 22
343. ඉපිද බලංගොඩ ගම් පියසේ තැනෙක
විහිද සිප්-සතර තටු පරතෙර නොදැක
මුහුද ජල තරම හිමි දැණුමෙන් නොසැක
සැරද! අනඳ මෙත් හිමි සිරිලක තිලක
344. මිහිමත වැටුණු මිණි කැණ් ගෙන සතර දෙසින්
සිරිකත කැදවමින් සුව දෙයි සුළඟ හෙමින්
මිහිකත පඩි කොතඹු මිණ ඔබෙ නමට උසින්
සිරි-වත සදිසි මල් සුපිපෙයි සුවද දෙමින්
345. ගැඹරෙන් මහ සිදුත් පරයන බුදු දහමේ
ගුණයෙන් බුදුන් දුටු ඇතු මෙන් හික්මීමේ
බලයෙන් යදම් සවිමත් නැති කිතුනුකමේ
දත් මග සකු-අවර-හෙළබස වෙතට නැමේ
346. කදවුරු බැන්ද “නැණරුත් පදිපය විදුර”
බොදු බලය ම නසන්නට කළ “මහ සිදුර”
හඩට - හඬ ම දී හිමි දුන් “දම් පහර”
වැද-වැද අතට දිව්වැයි “නොනැවති සතර”
347. සිප් සෙවන ද හැදූ ඔබ ඉපැදුණු එ ගමේ
විප්ලවයක් වුණා ගමට ම තුරුණු කමේ
දිප්තිය ලබන සිසු දරු-දැරියන්ගෙ පෙමේ
තෘප්තිය එයයි හිමි ලද ජය කෙහෙළි බිමේ
348. බලං ගොඩ බලන් ගමකට නම දුන්නූ
බලං ගොඩ බලන් දැයකට රැස දුන්නූ
බලං ගොඩ බලන් රටකට කිත් දුන්නූ
බලං ගොඩ බලන් මවකට එඩි දුන්නූ
349. විදු නැණ බුදු මිණ ද කෙත වූ කලාවට
පොදු හැම සිසුන් බැඳ හුරුකොට මනාවට
හුදු අරමුණෙන් නෙත් පාදන මනාපෙට
මුදු හිමි රකු! බුදුන් දක්නා තුරාවට
350. ඔබ දත් දැනුම වියතුන් - පඩිවරුන් පවා
ගෙන “හුණු ටිකක් ලෙස කිල්ලෝටයට” කවා
විසදුම් ලබා දී දත දුක - වෙහෙස නිවා
සැනසුම් - සුසුම් හෙලුවැයි සිත් සතුට දෙවා
351. සපරගමු පෙදෙසෙ - තව රුවන් විරුවකු ලෙසින්
බිහි වූ හ හිමි අනඳ - ලක් මවගෙ මව් කුසින්
සැළ වුණේ සතර දිග් - භාගයට එක රැයින්
දෙන සුවද නැණ නයන - දෙස බසට මුදු මුවින්
352. මහා සග මිණි කිරුළ ඔබ පැළැදි බව පෙනේ
මහා වියතුන් වුව ද ඔබ අසල ගොලු වුණේ
මහා පඩිවරුන් මැද වුව ද නිති බැබලුනේ
මහා සඟ සමිද අපෙ පිනට දෝ ඉපදුණේ
353. ගැඹුරු බුදු දහමෙ තතු සරල ලෙස දැක්වුණේ
සොයුරු යතිවරුන් නැහැ කිසිකලෙක කොණ්වුණේ
වියරු නොම වන විලස බොදු - කිතුනු දම්පැනේ
මියුරු ඔබෙ වදනින් එ දවස තුළ විසදුණේ
354. ඇදුරු පදවිය ද නායක - හිමි පදවිය ද ලබා
ගම ද එළි කරණු වස් - ඔබෙ අසිරි පද තබා
පිරිවෙනකි බිහි කෙරූ - ඔබේ නාමෙන් හොබා
ගරු අනඳ හිමි නමට - වදී සත හිස ඔබා
(මතු සම්බන්ධයි.)
2024.11.01
බලංගොඩ යතිවරයාණෝ
335. දිවි පරදුවට තබමින් කඩු හරඹෙ සුර
රිවි - සදු හැම පැයේ රකිමින් ඇලුම් කර
කවි පද සතරකින් වට කළ නොහැකි හර
සවි ගත් පිරිස් ඇත තව ලක් මවට බර
336. හෙළයන් රැක්ක මේ බිම ඩා මුගුරු හෙළා
ගන්නට උදුර පින් බිම උහු සටන් කළා
යස පාඩම් දෙමින් පර බල වෙනස් කළා
කන්නට වුණි මැරුම් තැන-තැන රුහිරු හෙළා
337. කසවත දරා ගත් යතිවරු පුරාණයේ
සිටියලු බොහෝ දෑ කරමින් සමාජයේ
කිසි දින කිසි විටෙක පෙර පය අයාලයේ
ගත්තේ නැති ලු පස්සට මරු විකාරයේ
338. එඩිතර ගතිය තිබු ගත නලවැල් අස්සේ
කඩිසර කම දෙ වැනි තැනට ද නැහැ බැස්සේ
මඩිතර කර ගැනුම වෙනුවට දන බිස්සේ
පඩිවර නැණ-නුවණ දෙස-රැස-බස ඉස්සේ
339. කරවා පියස්සක් වෙනුවෙන් ගම් දරුවන්
සදවා තෝතැන්න නැණ ඇස දෙන අටියෙන්
බඳවා දරු - දැරිවි ඒ ගම සතර වටින්
හැදුවා ලක් මවට වැඩ ඇති පඩි - වියතුන්
340. සමනල බලං මෙගමින් බුදු බලය ගෙනා
සමනල බලං මෙගමින් විදු නැණැස ගෙනා
සමනල බලං මෙගමින් සිප් සතර ගෙනා
සමනල බලං වියතුන් පඩිවරුන් ගෙනා
341. නොරද එක තැනෙක කැළඹෙව් ජවෙන් වැඩ
නොමද වෙර - වැරින් වපුලෙව් දහම් ගොඩ
සුවද දෙත අදත් රටට ම කළෙන් වැඩ
අනඳ මෙත් සුරුන් පැවිදි වු බලංගොඩ
342. සමනොල තොපට වැටහුණෙ දැයි කවුරු කියා
විමසුම වටී යතිවර පිළිබද ව සොයා
කිව යුතු හැම දෙය ම දත් පද රසට තියා
කවිකර කියනු මැන දත දන රැසට කියා
සමනලයා දුටු යතිවරයා
බලංගොඩ ආනන්ද මෛත්රී යතිවරයාණෝ 22
343. ඉපිද බලංගොඩ ගම් පියසේ තැනෙක
විහිද සිප්-සතර තටු පරතෙර නොදැක
මුහුද ජල තරම හිමි දැණුමෙන් නොසැක
සැරද! අනඳ මෙත් හිමි සිරිලක තිලක
344. මිහිමත වැටුණු මිණි කැණ් ගෙන සතර දෙසින්
සිරිකත කැදවමින් සුව දෙයි සුළඟ හෙමින්
මිහිකත පඩි කොතඹු මිණ ඔබෙ නමට උසින්
සිරි-වත සදිසි මල් සුපිපෙයි සුවද දෙමින්
345. ගැඹරෙන් මහ සිදුත් පරයන බුදු දහමේ
ගුණයෙන් බුදුන් දුටු ඇතු මෙන් හික්මීමේ
බලයෙන් යදම් සවිමත් නැති කිතුනුකමේ
දත් මග සකු-අවර-හෙළබස වෙතට නැමේ
346. කදවුරු බැන්ද “නැණරුත් පදිපය විදුර”
බොදු බලය ම නසන්නට කළ “මහ සිදුර”
හඩට - හඬ ම දී හිමි දුන් “දම් පහර”
වැද-වැද අතට දිව්වැයි “නොනැවති සතර”
347. සිප් සෙවන ද හැදූ ඔබ ඉපැදුණු එ ගමේ
විප්ලවයක් වුණා ගමට ම තුරුණු කමේ
දිප්තිය ලබන සිසු දරු-දැරියන්ගෙ පෙමේ
තෘප්තිය එයයි හිමි ලද ජය කෙහෙළි බිමේ
348. බලං ගොඩ බලන් ගමකට නම දුන්නූ
බලං ගොඩ බලන් දැයකට රැස දුන්නූ
බලං ගොඩ බලන් රටකට කිත් දුන්නූ
බලං ගොඩ බලන් මවකට එඩි දුන්නූ
349. විදු නැණ බුදු මිණ ද කෙත වූ කලාවට
පොදු හැම සිසුන් බැඳ හුරුකොට මනාවට
හුදු අරමුණෙන් නෙත් පාදන මනාපෙට
මුදු හිමි රකු! බුදුන් දක්නා තුරාවට
350. ඔබ දත් දැනුම වියතුන් - පඩිවරුන් පවා
ගෙන “හුණු ටිකක් ලෙස කිල්ලෝටයට” කවා
විසදුම් ලබා දී දත දුක - වෙහෙස නිවා
සැනසුම් - සුසුම් හෙලුවැයි සිත් සතුට දෙවා
351. සපරගමු පෙදෙසෙ - තව රුවන් විරුවකු ලෙසින්
බිහි වූ හ හිමි අනඳ - ලක් මවගෙ මව් කුසින්
සැළ වුණේ සතර දිග් - භාගයට එක රැයින්
දෙන සුවද නැණ නයන - දෙස බසට මුදු මුවින්
352. මහා සග මිණි කිරුළ ඔබ පැළැදි බව පෙනේ
මහා වියතුන් වුව ද ඔබ අසල ගොලු වුණේ
මහා පඩිවරුන් මැද වුව ද නිති බැබලුනේ
මහා සඟ සමිද අපෙ පිනට දෝ ඉපදුණේ
353. ගැඹුරු බුදු දහමෙ තතු සරල ලෙස දැක්වුණේ
සොයුරු යතිවරුන් නැහැ කිසිකලෙක කොණ්වුණේ
වියරු නොම වන විලස බොදු - කිතුනු දම්පැනේ
මියුරු ඔබෙ වදනින් එ දවස තුළ විසදුණේ
354. ඇදුරු පදවිය ද නායක - හිමි පදවිය ද ලබා
ගම ද එළි කරණු වස් - ඔබෙ අසිරි පද තබා
පිරිවෙනකි බිහි කෙරූ - ඔබේ නාමෙන් හොබා
ගරු අනඳ හිමි නමට - වදී සත හිස ඔබා
(මතු සම්බන්ධයි.)
2024.11.01