කාලය සමඟ ආලය
දහසක් විදුලි බුබුලෙන් එළිවුණ මගක
යුවලක් ඇවිද යනවා පෙනුණා දොහක
මොහොතක් හැරී බැලුකොට සුපුරුදු ළඳක
මතකක් තියේ තාමත් ඇය මුව මලක
ඈ උර මඬල මත හිස තියනා මොහොතේ
ඒ බර ඈත් කර ඇස් ෆෝනය මත්තේ
ඕ සිය දෑත පියබඳ වට කර ඇත්තේ
ඌ අත් ගසා දා අඳුරක ඉඳ ගත්තේ
මේසය මතම රඳවා හිස ඈත බලා
ඈ සිය අවට බොඳ කෙරුවා කඳුළු සලා
ආලය මෙහෙම නපුරුද ඇයි වෙනස් වෙලා
නාසය අතින් පිසිමින් ඇය මෙනෙහි කළා
යුවලක් ඇවිද යනවා පෙනුණා දොහක
මොහොතක් හැරී බැලුකොට සුපුරුදු ළඳක
මතකක් තියේ තාමත් ඇය මුව මලක
ඈ උර මඬල මත හිස තියනා මොහොතේ
ඒ බර ඈත් කර ඇස් ෆෝනය මත්තේ
ඕ සිය දෑත පියබඳ වට කර ඇත්තේ
ඌ අත් ගසා දා අඳුරක ඉඳ ගත්තේ
මේසය මතම රඳවා හිස ඈත බලා
ඈ සිය අවට බොඳ කෙරුවා කඳුළු සලා
ආලය මෙහෙම නපුරුද ඇයි වෙනස් වෙලා
නාසය අතින් පිසිමින් ඇය මෙනෙහි කළා