තුෂාරි ජයසිංහ මහනුවර

2024 නොවැම්බර් කලාපය

මහා රුක්

පේ වෙලා මනාවට
අහස් කුස සිප ගන්න
වලා කුළ හඬද්දී
වැහි කඳුලෙ නැහැවෙන්න
පත් අඟින් ඒ කඳුල
පොළෝ ගැබ සඟවන්න
තරු පිනිති දස අතේ
විසුරුවා හිනැහෙන්න

ළදැල්ලට බර වැඩීයි
පිනි බිඳක් උහුලන්න
ඒ නිසයි ඉරි ඉරී
වැටුනෙ බිම හැමදාම
වියලි පත් ඉගිළුනේ
බොර පාට දිය මතට
කිමද ප්‍රිය ඔය හැටිම
ඔහේ පාවී යන්න

ගම්බීර ලෙස උසින්
සියලු දුක් දරාගෙන
වැජඹෙමින් පල දරණ
අතු රිකිලි වඩාගෙන
ගසේ අක් මුල් රැක්කෙ
මහ කඳක් තෙමීගෙන
මහා රුක් හිනැහුණේ
හිතේ දුක් හංගාන


2024.09.30.

Photo credit Dan Meyers
View Poem