කංචනා කුමාරි දොඩංගොඩ පන්නිපිටිය

2021 මැයි කලාපය

ගොවි රජ බිරිඳ  වලප (නුතන ගජගා වන්නම)

තුමුල බලැති ගිජිඳානෙනි වනයේ සැරිසරනා
නමැඳ ගිගිරි නොරිදුු පා කියමි ළයෙහි දුක මා
නැතිද නුඹට හද මඬලක් මසින් පිරුණු ලමැදා
දුකකි අහෝ නොසිදෙන! මෙි අසනු සවන් විහිදා

කරළ පැහෙන ⁣තෙක් නොනිවෙන දුක් ගොන්නක් මැදිනේ
කුසට අහර උගුර තෙමන පැන් කලදක් නොවුනේ
දරු පිරිවර රැකි ඇවිදින ඇට මිස 'මස' නොවුනේ
ගිජිඳානෙනි  පෑගූ පය නැතිවද නුඹෙ රිදුනේ?

රැයේ තනිව කිිි සිිපද  යළි සවනට නැත්තේ
උදේ හවා වැන්ඳ දෙපා නිසල වුනා සත්තේ
මග වැරදිි ආවද නුඹ  අපේ ගොයම පැත්තේ
කැණිමඩලයි අපේ ගෙදර අද නුඹ  බිලි  ගත්තේ!
View Poem