දිලිනා ඩයස් රයිස්ලිප් - එංගලන්තය

2024 ඔක්තෝබර් කලාපය

මගේ ලොක්කිට දාසයයි

අපේ ජීවිත වලට ඇවිදින්
අදට හරියට දහසයයි
අම්මා කියලා හිතට දැනිලා
අදට හරියට දහසයයි
ඔබෙයි මගෙයි ගණු දෙනුවනම්
ආත්ම දහසෙට ඵහයි
මගේ “forever පැටියට”
16x2 + 1 කෝටියක් දෙවිවරුනගේ පිහිටයි

ලෝකෙට අහිංසකී උනාට
නංගීලාට හරි සැරයි
ඇතුවත් බැරි නැතුවත් බැරි
ගෙදර දෙවැනි මව් තමයි
පොඩි කාලේ අපිත් එක්ක
ලොකු කට්ටක් කෑවා තමයි
අද මාගේ පැටියා නිකන්
“Iron Lady” වගේ තමයි

තමන් ගැනම පමනක් නොව
සියලු දෙනා ගැන සිතන්න
ඔබත් කකුල් දෙකෙන් සිටන්
අනිත් හැමට අත යොමන්න
ලෝකෙ හරිම ලොකුයි හැඩයි
නිදහාසේ පියාඹන්න
මගෙ ලොක්කිගෙ සියලු සිහින
මහ ඉහළින් සැබෑ වෙන්න

*ආදරෙන් අම්මා*
View Poem