වෛද්‍ය සමන්ත කේ. සෙනෙවිරත්න මහනුවර

2024 ඔක්තෝබර් කලාපය

පිස්සුද

වේලක් දෙකක් අතහැරෙනා ඩිග්‍රියට
සඳ පායන්නෙ නෑ ආදර මාවතට
රීමික්ස් කරන් සිතුවිලි සඳ ඇති කලට
දහයේ යතුර කරකමි ගී පද ලෙසට

සටන් පාඨ සිර ගෙයි කොනක
යකඩ කූරු හීරෙන කිරි සද්දයක
සාදුකාර නාදෙන් ගම කඨිනයක
සොයනෙමි සිනාවක් තණමල්විලක

සීසන් මාක් කර යනෙනා ලංගමය
කාඩ් එකක් හූරන් ගෙන ජංගමය
වැඩ පාටියත් යන්නේ දුන්හිඳය
එෆ් එම් එකෙන් හැඩ කර ගමි පන්හිඳය

පෙරහැර දකිමි මාසෙක සූසැටක කලා
පෝදා සඳ ලෙසින් මෙත් සිත් පහන් කළා
කරවල නැතුව බත් පතකට වැටුණ පලා
ලොතරැයි පතක් ඇත මුළු ජීවිතය වෙලා

තයිරොක්සින් අඩු ද නැත්නම් එය වැඩි වීද
පයිතගරස් වෙනෙකෙක් නම් මම කවුද
සයිරන් නලා පිඹගෙන යනු ඇසුණාද
සයිකො ද අහන්නේ මං ගැන දන් නැද්ද

Photo credit ; Tim Bogdanov
View Poem