වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2024 ඔක්තෝබර් කලාපය

සැඟවුනු ඔබ.............

ගැයෙන ගීයක පද වැලක් තුල
ගලන ගඟුලක පෙණ පිඬක් තුල
වැයෙන වැයුමක ස්වරපෙළක් තුල
සිහින ලෙස ඔබ රැඳෙයි සිත තුල .

පිපෙන කුසුමක විසිතුරක් තුල
දැනෙන සුවඳක ඉමිහිරක් තුල
හමන සුළඟක සිසිලසක් තුල
දැවට ඔබ යයි පාව සිත තුල.

කඳු වළල්ලක මුදුනෙ දැව ටී
කොත් කැරැල්ළක නිවන ගෙනදී
සෙනෙහෙ මතකෙක පහස ලැබදී
යළිඳු සැඟවෙයි සිහින ගෙන දී.

දිවෙන සඳ නෙත් අකුරු අතරේ
මතුව ඇවිදින සිතට රහසේ
නොලියු හසුනක මිහිර අතරේ
යළිඳු සැඟවෙයි සිහින අතරේ.

මවා ගනු බැහැ රුවම පෙරසේ
සොයා ගනු බැහැ ලඟින් සිතුසේ
දරා ගනු හැර සිතට දු⁣ර සේ
සොයා ගමි ලොව කිමිද රිසි සේ.
View Poem